මෛත්‍රී – රොෂාන් මහවැලියට හැප්පෙති !

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහට මහවැලි ඇමැති ධුරය ලබා දෙන ලෙස සඳහන් ඉල්ලීමක් ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයාට භාර දී තිබේ.
පසුගිය සතියේ පොළොන්නරුවේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් සඳහා පැමිණි ජනාධිපතිවරයාට භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් මේ ලිපිය භාර දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් වෙනම අවස්ථාවක් ඉල්ලා ඇතත්, ජනාධිපතිවරයා එවැනි සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබා දී නැත. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ගණනාවක දී පවසා ඇත්තේ, මී ළඟ කැබිනට් මණ්ඩලයේ මහවැලි ඇමැති ධුරය තමන්ට අනිවාර්යයෙන්ම හිමි වන බවයි. ඔහුට සමීප පාර්ශ්ව මේ වන විටත් මහවැලි කලාපවල ගැටලුවලට අදාළ ලිපි එකතු කිරීම සහ ඉඩම් බෙදාහැරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදු කරමින් සිටිති.

කෙසේ වෙතත්, වර්තමාන මහවැලි ඇමැති චමල් රාජපක්ෂ දිගටම එම ඇමැති ධුරයේ කටයුතු කරනු ඇතැයි මහවැලි අමාත්‍යාංශයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

3 × three =