කැකිරාව, බළංගොඩ, ගිරිඋල්ල කොරෝනා බියෙන්

කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ නිවාස 7ක පුද්ගලයින් 30ක් ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාධිත පොකුරට අයත් යුද හමුදා නිලධාරියකු ඇතුලු එම පවුලේ පිරිස ඇසුරු කළ බව කියන නිවාස 7ක පදිංචි පිරිස ඊයේ රාත්‍රියේ සිට මෙලෙස ස්වයංනිරෝධායනයට යොමු කර තිබේ.

පසුගිය දින කිහිපය තුළ ⁣ කොරෝනා රෝගය වැළඳුණු, රත්නපුර රෝගියා ඇසුරු කළ බළංගොඩ පුදේශයේ පුද්ගලයින් 6දෙදෙනෙකු අද(14)සිය නිවෙස්වලම ස්වයං නිරෝධනයට ලක්කර ඇති බව බළංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ජයවික්‍රම සඳහන් කළේය.

ඒ අනුව බළංගොඩ රාස්සගල 3දෙනෙකු ද, සමනලවත්ත එක් අයෙක්ද වැලිපතයාය එක් අයෙක්ද කුරගල එක් අයෙක්ද වශයෙන් ස්වයං නිරෝධනයට ලක්කර තිබේ.
ගිරිඋල්ල, නාරංගොඩ දික්හේනවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ හත්දෙනෙකු ඊයේ (13) ස්වයං නිරෝධායනයට ලක්කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

නිරෝධායනයට ලක්කර ඇති අය අතර එකම පවුලේ මව , පියා ඇතුඵ දියණියන් 03 ක් හා ඥාති පුතෙකු සමඟ නැන්දනියක්ද සිටින බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

nineteen + 9 =