මොණරාගල කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනෙක්

 

මෙතෙක් රෝගීන් වාර්තා නොවූ මොණරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා වැළදී ඇතැයි සැකකළ පුද්ගලයන් පස්දෙනෙකු සම්බන්ධයෙන් සිදුකල PCR පරික්ෂණ වලදි ඉන් දෙදෙනෙකුට කොරෝනා වැළදී ඇති බවට අද (13) තහවුරු වූ බව මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පි.පි.කේ අධිකාරි පවසයි.
කෙසේ නමුත් PCR පරික්ෂණ සදහා යොමුකළ ඉතිරි තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වැළදී නැති බවට අනාවරණය වූ නමුත් ඉතිරි දෙදනාගේ පරික්ෂණ වාර්තා මෙතෙක් නොලැබුණු බව එම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

මෙම කොරෝනා රෝගය වැළදී ඇති බවට සැකකළ රෝගින්ගේ ජෛව පටල සාම්පල වෛද්‍ය පරික්ෂණ සදහා යොමුකර ඇත්තේ පසුගිය 10 වැනිදාය.

මෙම කොරෝනා රෝගය වැළදුණු පුද්ගලයන් දෙදෙනා සියඹලාණ්ඩුව විලඔය හා බුත්තල උනාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

Leave A Reply

Your email address will not be published.

4 × 1 =