බචිචන් පවුලටම Covid-19

 

ඉංදියාවෙි කෝටිපති ව්‍යාපාරිකයන් මෙන්ම බොලිවුඩි සිනමා ක්ෂේත්‍රයේ අති දැවන්තයන්ද වන අමිතාබි බචිචන් , අභිෂෙක් බචිචින් සහ අයිශ්වර්යා රායි ද අභිෂේක්ගේ සහ අයිශ්වර්යාගේ දියණිය වන ආරධ්‍යා බච්චන් ද කිරීටක වෛරස් සඳහා ධනාත්මක බව පරීක්ෂනයකදී හෙළිවී තිබෙි..

තම රසිකයින්ට මෙි බව දැනුම් දීම සඳහා අමිතාබ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “- මම කෝවිඩ් පරීක්‍ෂා කර ධනාත්මක බැවින් රෝහලට ඇතුල් වී සිටිමි .. පවුලේ අය සහ කාර්ය මණ්ඩලය පරීක්ෂණවලට භාජනය වී, ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටිනවා. කරුණාකර මා ඇසුරු කල අය තමන්වම පරීක්‍ෂා කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ”

අභිෂේක් බචිචන් මේ අතර රසිකයන්ගෙන් ඉල්ලා සිටියේ කලබල නොවී සන්සුන්ව සිටින ලෙසයි. ඔහු ට්වීට් කරමින්, “අද මගේ පියා සහ මම දෙදෙනාම COVID 19 සඳහා ධනාත්මක පරීක්‍ෂණයක් කළා. රෝග ලක්ෂණ ඇති අප දෙදෙනාම රෝහලට ඇතුළත් කර තිබෙනවා. අවශ්‍ය සියලු බලධාරීන් අප දැනුවත් කර ඇති අතර අපගේ පවුලේ අය සහ කාර්ය මණ්ඩලය සියල්ලන්ම පරීක්ෂා කරනු ලැබේ. කලබල නොවී සන්සුන්ව සිටින ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. ඔබට ස්තුතියි.”
ඉරිදා අයිශ්වර්යා රායි බච්චන් සහ ඇගේ දියණිය ආරධ්‍යා බච්චන් ද කිරීටක වෛරස් සඳහා ධනාත්මක බව පරීක්ෂාවෙන් නිගමනය කරන ලදී
අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් නනාවතී රෝහලේ රැඳී සිටින ලෙසට උපදෙස් දී ඇති අතර, අයිශ්වර්යා සහ ආරධ්‍යා නිවසේ නිරෝධායනය කරනු ඇත.
අමිතාබිගේ බිරිද ජයා බචිචන් වෛරසය සඳහා සෘණාත්මක බව පරීක්‍ෂා කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
කොරොන වයිරසයේ පැතිරීම නැවැත්වීම, වෙස් මුහුණු පැළඳීම පිළිබඳ සහ නිවසේ රැඳී සිටින ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීම වැනි ක්‍රියාකාරී චරිත අතර අමිතාබ් බච්චන් ඉන්දියාවේ ප්‍රමුඛයෙකි.
කෙසේ වෙතත්, මේ වසර මුලදී ලෝකයේ වඩාත්ම දැඩි අගුලු දැමීම් ක්‍රියාත්මක කළද, ඉන්දියාවේ COVID-19 සංඛ්‍යාව ඉහළ යමින් පවතී.
පසුගිය පැය 24 තුළ නව රෝගීන් 27,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර නව මරණ 500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. බ්‍රසීලය සහ ඇමරිකා එක්සත් ජනපදයට පසුව ලෝකයේ තුන්වන ඉහළම COVID-19 ආසාදන අනුපාතය ඉන්දියාවට ඇත. මෙි මොහොත වන විට වෛරස් ආසාධිතයන් 879,902 ක්ද වෛරස් මරණ 23,200 ක්ද වාර්තා කල රටකි ඉන්දියාව.

-උපාලි ජයසිංහ

 

Leave A Reply

Your email address will not be published.

one × three =