IS සංවිධානයේ ශාඛාවක් ඉන්දියාවේ ආරම්භ කළ බවට නිවේදනයක්
අයිඑස් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ ශාඛාවක් ඉන්දියාවේ පිහිට වූ බව පසුගිය දා එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්විණ. ඉන්දීය පාලිත කාශ්මීරයේ හටගත් ගැටුම්වල වගකීම භාර ගනිමින් මැයි මස 10 වන දා මෙම ශාඛාව හඳුන්වා දී තිබිණ.
අරාබි භාෂාවෙන් “විලයා ඔෆ් හින්ද් (Wilayah of Hind)” නොහොත් ‘ඉන්දීය පළාත’ ලෙස නම් කර ඇති ශාඛාව ගැන IS සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් නොකළ අතර, එහි භූගෝලීය වපසරිය පිළිබඳ ඉඟියක් ද ලබා දී නොමැත. ඒ වෙනුවට එය හඳුන්වා දී තිබෙන්නේ, කාශ්මීරයේ ඇති වූ ගැටුම්වල වගකීම භාර ගනිමින් නිකුත් කළ නිවේදනයකය.
2017දී ඇති වූ ගැටුම්වලින් IS සංවිධානයේ භූමිය අහිමි වීමත් සමග, ඔවුන්ගේ නව ශාඛා සම්බන්ධයෙන් මෙලෙස විශේෂ වැදගත්කමක් ලබා නොදෙමින් නිවේදන නිකුත් කිරීම දැන් අයිඑස් සංවිධානයේ සිරිත බවට පත් වී තිබේ.
පසුගිය අප්‍රේල් මස මධ්‍යම අප්‍රිකාව තුළ නව ශාඛාවක් පිහිටුවීම ගැන ISසංවිධානය නිවේදනය කළේ ද කොංගෝවේ එල්ල කළ ප්රහාරයක වගකීම භාරගනිමින් ප්‍රකාශයක් කළ අවස්ථාවේය.
එමෙන් ම, IS නායකයෙකු පෙනී සිටිමින් මෑතකදී එළිදැක්වූ වීඩියෝවක “තුර්කි පළාත” නම් තවත් ශාඛාවක් ගැන ඉඟියක් ලබා දී තිබිණි.
IS සටන්කරුවන් ස්වයංක්‍රීය ගිනි අවි භාවිත කරමින් “කාශ්මීරයේ, ශොපියන් දිස්ත්‍රික්කයේ, අම්ෂිපෝරා ගම්මානයේදී මිථ්‍යාදෘෂ්ටික ඉන්දියානු හමුදා භටයන් කිහිප දෙනෙකු ඝාතනය කළා, තුවාල සිදු කළා,” යනුවෙන් Telegram නම් කෙටි පණිවිඩ හුවමාරු ඇප් එක හරහා මැයි මස 10 වෙනි දින නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ.
BBC