“බොස්නියාවෙි මස් මරන්නා ‘‘

 

ජාතිය පිරිසිදු කිරීමෙි පිස්සුව හිටිලර්ගේ ලක්ෂනයක් පමණක් නොවෙි. එය ඕනෑම අන්ත ජාතිවාදී නායකයකුගේ සිහිනයකි. යුරෝපයේ එකී සිහිනය සාක්ෂාත් කර ගත නොහැකිව අන්ත පරාජයෙන් මියගිය ජර්මනියේ හිටිලර්ගෙන් පසු එය සාක්ෂාත් කර ගැනීමට 1992 සිට 1995 දක්වා බොස්නියානු සර්බියානු ජෙනරාල් රැට්කෝ මැලඩික් අවිහිංසක සාමාන්‍ය මිනිසුන් දහස් ගණනින් කෘෘර ලෙස මරා දැමීය. හිටිලර් සහ රැටිකෝ මැලඩික් ජාතීන් දෙකක පුද්ගලයන් වුව තිබුනේ දෙදෙනාටම සමානවු එක් සිහිනයකි. එකී සිහිනයේ කෘෘරත්වය කෙසේද යත් බොස්නියානු මිනිසුන් ලක්ෂයක් ඝාතනය වු විට බොස්නියානු කාන්තාවන් පනස් දහසක් දූෂණය කර තිබිනි. විසිලක්ෂයක් ජනතාවට සිය උන්හිටි තැන් අහිමිවිය. මින් අතිශය මිලේචිච ජන සංහාරය සිදුවුනේ 1995 ජූලි 11 වැනිදාය.

සර්බියානු හමුදා බොස්නියාවේ ශ්‍රෙබ්‍රනිකා නගරය වටලෑ අතර කාලතුවක්කු ප්‍රහාරවලින් Srebrenica ගෙවල් දොරවල් සුනුවිසුණු විය සිය ඇදිවත පිටින් දරුවන් එල්ලා ගත් බොස්නියානු මුස්ලිමි මවුවරැ සහ පියවරු ඊට කිලෝමීටර් 100 ක් ඈතින් පිහිටි ටුස්ලා නගරය කරා පලා යමින් සිටියහ. වනාන්තරය මැද්දෙන් ගමන් ඇරඹු ඔවුහු සංඛ්‍යාත්මකව පහලොස් දාහකට අධිකය. ජේනරාල් මැලඩික් පුද්ගලිකවම මෙි වැටලීමට නායකත්වය දුන්නේය. පලායන මුස්ලිමි ජනතාවට වටකර පහර දුන් ඔහු පැය කිහිපයකදී 3000 කට අධික නිරායුධ මිනිසුන් පිරිසක් ඝාතනයෙන් පසු ඉතිරිව සිටිනා අයට ඔවුන්ව නොමරන බවත් යටත් වීමටත් ශබිදවිකාශන යන්ත්‍රයකින් අණ දුන්නේය. කල හැකි කිසිවක් නොමැති බැවින් ඔවුහු යටත් වූහ. ටුස්ලා නගරයේ එක්සත් ජාතින්ගේ සරණගත කදවුරට ගෙනයන බැවින් පළමුව කාන්තාවන් හා කුඩා දරුවන්ද ට්‍රක්රථ වලට නගින ලෙසට අණකල හේ ට්‍රක්රථ පිටත්ව ගියාට පසු සියලු පිරිමින් පෝලිමි කර වෙඩි තබා ඝාතනය කලේය. සර්බියානු හමුදා සහ සර්බියානු පැරාමිලිටරි ඒකකයක් සමඟ සමූල ඝාතනයට ලක්වු බොස්නියාක් පිරිමි සහ පිරිමි ළමුන් 8,000 කට වැඩි බව එක්සත් ජාතීන්ගේ විනිසුරුවන් පවසයි.

ජෙනරාල් රැට්කෝ මැලඩික් බොස්නියානු මුස්ලිමිවරු යටත්වු පසුව රූපවාහිනී කැමරාවක් ඉදිරියේ මෙසේ පවසා තිබිනි.‘‘ බොස්නියානු මුස්ලිමි වරුනි සුබ සැන්දාවක් වෙිවා කදවුරට සාදරයෙන් පිලිගනිමු ‘‘මෙන්න අපි … සර්බියානු ඡනතාවට නිවාඩුවක් ගත කිරීමට ශ්‍රෙබ්‍රීනිකා නගරය තෑග්ගක් වශයෙන් ලබා දෙනවා. .
1995 දෙසැමිබර් 14 එක්සත් ජාතින්ගේ සංවිධානයේ පුර්ණ මැදිහත්වීම තුලින් යුද්ධය අවසන් කල අතර ජාත්‍යන්තර අධිකරණය සර්බියාවෙි මස්මරන්නා ප්‍රධාන විත්තිකරු ලෙස නමිකර වරෙන්තු නිකුත් කලේය. එහෙත් සර්බියානු ආණ්ඩුව සිය ජනරාල්ව පාවා දුන්නේ නැත. එක්සත් ජනපදය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය මැලඩික් ගැන තොරතුරක් ලබා දෙන්නෙකුට ඇමරිකන් ඩොලර් මිලියන 5 ක තාග්‍යක් ප්‍රසිද්ධ කල අතර ජ \නරාල් සැගවිනි 2010 ඔක්තෝම්බර් මාසයේදී සර්බියාව දඩයම තීව්‍ර කළේ මැලැඩික් අල්ලා ගැනීමේ ත්‍යාගය ඩොලර් මිලියන 5 සිට ඩොලර් මිලියන 10 දක්වා වැඩි කරමිනි.. සර්බියාවට යුරෝපීය සංගමයේ සාමාජිකත්වය සඳහා අපේක්ෂක තත්ත්වය පිරිනැමීමට පූර්ව කොන්දේසියක් වුයේ ජනරාල් මැලඩික් ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කිරීමයි. කෙසේවෙතත්, වසර 16 කට ආසන්න කාලයක් සැගවී සිටීමට මැලැඩික් සමත් වූ අතර, මුලින් සර්බියානු ආරක්ෂක හමුදා සහ පසුව පවුලේ අය විසින් රැකවරණය ලැබීය. එහෙත් . 2011 මැයි 26 වන දින සර්බියාවේ ලාසරෙවෝහිදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.  ඔහුගේ නඩු විභාගය විධිමත් ලෙස හේග් හි 2012 මැයි 16 වන දින ආරම්භ වූ අතර 2017 නොවැම්බර් 22 වන දින අවසන් විය.
ඡාත්‍යන්තර අධිකරනය සර්බියාවෙි මස්මරන්නාට ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් ප්‍රකාශ කරද්දීත් ඔහු සිය වරද පිලිගත්තේ නැත.  අවිහිංසක සිවිල් මුස්ලිමි ජනතාව ඝාතනය කිරීම ගැන කිසිදු කනගාටුවක් පෙන්වුයේද නැත. ඝාතකයා එතරම්ම  කෘෘරය. හේ තවම හේග් නුවර දැඩි ආරක්ෂිත බන්ධනාගාරයක ජිවිතය ගෙවමින් සිටියි.

-උපාලි ජයසිංහ 

Leave A Reply

Your email address will not be published.

10 + thirteen =