පාර්ලිමේන්තු කාර්යභාරය හරියට කරන කණ්ඩායම වැඩි කළ යුතුයි

මැතිවරණයට ඇත්තේ තව සති තුනයි. ඔබේ පක්ෂයේ ප්‍රචාරක කටයුතු කොහොම ද?

මැතිවරණය අගෝස්තු පස් වැනිදා කියලා කිව්වට මැතිවරණය පටන් ගන්නේ මේ දහතුන් වැනිදා තැපැල් ඡන්දය පාවිච්චි කිරීමෙනුයි. දහතුන, දහහතර, පහළොව, දහසය, දහහත, විස්ස, විසිඑක යන දිනවල දී ඡන්ද කටයුතු ආරම්භ වෙනවා. ප්‍රචාරක කටයුතු ලෙස අපේ කණ්ඩායම් ජනතාව හමු වීමට යනවා. කුඩා කුඩා

රැස්වීම් පවත්වනවා. කාර්යාල පවත්වාගෙන යනවා. මෙවැනි ප්‍රචාරක කටයුතු ඉදිරියට දිගට ම කරගෙන යනවා.

ආණ්ඩුව නම්, තුනෙන් දෙf ක් බලයක් ගන්නා ඉලක්කයක් සහිතව ඉන්නවා. ජාතික ජන බලවේගයේ ඉලක්කය        මොකක් ද?

ආණ්ඩුව දැන් තුනෙන් දෙකේ කතාවෙන් එකසිය විසිපහට පල්ලම් බැහැලා. තුනෙන් දෙක බෑ කියලා ඒගොල්ලන්ට තේරිලා. “අගෝස්තු පස්වැනිදා වෙන කොට අපි කොහො ම හරි එකසිය දහතුන ගන්න උත්සාහ කරනවා” කියන කතාවකට ආණ්ඩුව තල්ලු වෙමින් යන බව පේනවා. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ගත්තොත්, ඔවුන්ට ආණ්ඩුවක් හදා ගන්න බෑ කියලා පාක්ෂිකයන්ට දැනිලා ඉවරයි. ජාතික ජන බලවේගයේ

ඉලක්කය පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු කාර්යභාරය වඩාත් හොඳින් ඉටු කිරීමට සමත් පාර්ලිමේන්තු කණ්ඩායම ශක්තිමත් කර ගැනීමයි. ඒ ඉලක්කය මත පදනම්ව අපි වැඩ කරගෙන යනවා. එය ළඟා කර ගත හැකි ඉලක්කයක්. පසුගිය

පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ හය දෙනෙක් හිටියා. දැන් අපි වැඩ කරන්නේ ජාතික ජන බලවේගය විදියටයි. අපේ පාර්ලිමේන්තු කණ්ඩායම වැඩි කර ගැනීම හා ශක්තිමත් කර ගැනීම අපේ ඉලක්කයයි. එය අපට ළඟා කර ගත හැකි ඉලක්කයක්.

මේ මැතිවරණයේ දීත් හැම දෙනා ම එම්.සී.සී. ගිවිසුම ඉදිරියට දමා ඒ ගැන වැඩිපුර කතා කරන්න පටන්ගෙන තිබෙනවා නේ ද?

එම්.සී.සී. ගිවිසුම මේ මැතිවරණයේ දී මාතෘකාවක් වෙලා තිබෙනවා කියලා කියන්නෙ ම පසුගිය ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දු මුළුමනින් ම කඩ කිරීමක් බව කිව හැකියි. එදා ජනාධිපතිවරණයේ දී ගෝඨාභය මහත්මයා ඇතුළු පිරිස මේ එම්.සී.සී. ගිවිසුම ඉරලා විසි කර දමනවා කියලා කිව්වා. එය කළා නම්, මේ මැතිවරණයේ දී එම්.සී.සී. ගිවිසුමක් ගැන කතාව මැතිවරණ වේදිකාවට එන්නේ නැහැ. විශේෂයෙන් ම මොවුන්ගේ අසාර්ථකකම, බොරුව හා වංචාව මෙයින් හොඳින් ම පේනවා.

ඒක ජනතාවට තේරෙන බවක් පේන්න නැත්තේ මොක ද?

ජනතාව දේශපාලනය ආගමක් වගේ කර ගත්තොත්, බිහි වෙන්නේ බැතිමතුන්. බැතිමතාට වැඩිපුර විග්‍රහයක් අවශ්‍ය වන්නේ නැහැ. බැතිමත්තු ප්‍රමාණයක් බෝ වෙන කොට ඒ අයට ඔවුන් අදහන ආගම වැනි දේශපාලනය ගැන කියන දේවල් අදාළ වන්නේ නැහැ. ඔවුන් අන්ධානුකරණයෙන් එය අදහනවා. හරි හෝ වැරදි බලන්නේ නැහැ.

මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සහ f කාරෝනා මර්දන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන පවා ආණ්ඩුවට ප්‍රශංසා කරනවා. මෙය ඔබ දකින්නේ f කාහොම ද?

ආණ්ඩුවට ප්‍රශංසා කරන්නේ මේ ලෙඬේ ආවට පස්සේ කර ගත් පාලනය ගැනයි. එය ආණ්ඩුවට සෞඛ්‍ය අංශ හා අපත් කළ යම් කාර්යභාරයක් තිබෙනවා. ජනතාවගේ කැපවීමත් තිබෙනවා. මේ සියල්ලෙහි ම ප්‍රතිඵලය තමයි, ලෙඬේ පාලනය කර ගැනීම. මේ වසංගතය එන එක වළක්වා ගැනීමට තිබුණේ, ජනතාවට නොවේ. එය වළක්වා ගත යුතු ම වගකීම තිබුණේ පාලකයන්ටයි. නිසි වේලාවේ නිසි තීන්දු, තීරණ නොගැනීම ගැන ජාත්‍යන්තරයට පේන්නේ නැහැ. ඔවුන් කියන්නේ, මේ ලෙඬේ ආවාට පස්සේ පාලනය කර ගැනීම ගැනයි. එසේ පාලනය කර ගත්තේ කවුරුත් එකතු වෙලයි.

ඔබ ඡන්දය ඉල්ලීමට මහනුවරට ගියේ ඇයි ?

එහෙම අහන්නේ මොක ද? මට ලංකාවේ ඕනෑම තැනකින් ඡන්දය ඉල්ලීමට හැකියි.

ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය දිය යුත්තේ ඇයි ?

පාර්ලිමේන්තු කාර්යභාරය ඉටු කිරීමට සමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නිසයි. ඕනෑම ආයතනයකට පැවරී ඇති කාර්යභාරයක් තිබෙනවා. පාර්ලිමේන්තුවටත් එහෙමයි. එම කාර්යභාරය පසුගිය

කාලය පුරා හරියට ම ඉටු කළේ අපේ හය දෙනායි. එය ජනතාව හොඳින් දැක්කා. ඒ නිසා ජනතාව තුළින් ම මතයක් ආවා. ජේවීපී කණ්ඩායම වැඩි කරන්න ඕනෑ කියලා.

එහෙම කියන ජනතාව ඡන්ද කොළය ළඟට ගිහින් අනෙක් පැත්ත හැරෙන්නේ මොක ද?

මීට කලිනුත් ජේවීපී එකට ඡන්දය දුන් අවස්ථා තිබෙනවා. ඔය හැම පක්ෂයකට ම ඡන්ද නොදීපු අවස්ථාත් තිබෙනවා. දීපු අවස්ථාත් තිබෙනවා. ඉතින්, අපටත් පහුගිය ඡන්ද දෙක තුනක කාලය තුළ ඡන්ද අඩු වී තිබුණා. නමුත්. යම් වෙලාවක ජනතාව එය වෙනස් කරන බව අපට සහතිකයි. පනස්හයේ දී යූඑන්පී එක අටට බැස්සා. හැත්තෑවේ දී තුනෙන් දෙකේ බලයක් ගන්න සිරිමාවෝ මැතිනියට පුළුවන් වුණා. නමුත්, හැත්තෑහතේ දී විපක්ෂ නායකත්වයත් නැති වුණා. ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අටට බැස්සා. හයෙන් පහක බලය ගත් එජාපය පසු කාලයේ දී දිගින් දිගට ම දිනන්න බැරිව පසුබැස්සා. එවැනි එක එක අවධි තිබෙනවා.

පනස්හයේ දී යූඑන්පී එක ආසන අටට බැස්සා. හැත්තෑහතේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටට බැස්සා. ඡන්දය විවිධ විදියට පාවිච්චි කරන එක එක අවධි තිබෙනවා. මේ අවස්ථාවේ පසුගිය

මැතිවරණ දෙක තුනකට වඩා වෙනස්ව ඡන්දය පාවිච්චි කොට ‘මාලිමාව’ ලකුණින් ඉදිරිපත් වන කණ්ඩායම ශක්තිමත් කිරීමට ජනතාව වගබලා ගනීවි කියා අප සිතනවා.

සංවාදය:

පද්මා වේරගොඩ ආරච්චි

Leave A Reply

Your email address will not be published.

2 × 4 =