මවන චිත්‍රය සහ ඇත්ත චිත්‍රය

සිල්ලර කාරණා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2020 ජුනි 28 වෙනි ඉරිදා “ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමු” මැයෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එහිදී ඔහු විසින් අවධාරණය කරන ලද ප්‍රධාන කරුණක් ඔහුගේම වචනයෙන් පහත පරිදි වේ.

“මම මහජනතාවගෙන් කරන ඉල්ලීම තමයි දේශපාලන කාරණාවලදී හැම වෙලාවෙම ලොකු චිත්‍රය සිහියේ තබා ගන්න කියලයි. අපි රටක් හැටියට මුහුණ දීලා තියෙන තර්ජනයේ හැටියට දේශපාලනික වශයෙන් වැදගත් කාරණා මොනවද, නොවැදගත් කාරණා මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත්, අපි විනාශ වෙනවා. ආරුමුගම් තොන්ඩමන් මහතාගේ මළගෙදර සමාජ දුරස්ථභාවය හරියටම රැකුණාද, 2011 දී කවුරුහරි ක්‍රිකට් තරගයක් පාවලා දුන්නද වගේ දේවල් ගැන විවිධ අයට නොයෙක් කාරණා කියන්න පුළුවන්. නමුත් ඕවා දේශපාලන වශයෙන් වැදගත් කාරණා නොවෙයි.

…….පොඩි පොඩි සිල්ලර කාරණා මත ඡන්දය දෙන්න ගියොත් අපේ රටත්, ජාතියත්, ආගමත්, සංස්කෘතියත්, මතු පරම්පරාවේ අනාගතයත්, සියල්ලම ඉවර වෙලයි නවතින්නෙ……”

මේ මොහොතේ මහින්ද රාජපක්ෂ කඳවුර විසින් මුහුණ දී තිබෙන අර්බුදයේ තරම කියා පාන්න ඔහුගේම මෙම ජාතිය ඇමතීම වැදගත් සාධකයක් ලෙස අපට තේරුම් ගත හැකියි.

වැටුණු අමාරුව

පසුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මුළුමනින්ම කේන්ද්‍ර ගත කර ගෙන තිබුණ ප්‍රධාන සාධක දෙකක් තිබුණා. ඉන් ප්‍රධානම සාධකය වුණේ ජාතික ආරක්ෂාව. 2015 යහපාලන ආණ්ඩුව ආ දා පටන් මහින්ද රාජපක්ෂ කඳවුර අඩු වැඩි වශයෙන් මෙම ජාතික ආරක්ෂාව කියන කරුණ මතු පිටට ගන්න උත්සාහ කළා. නමුත් ඊට හොඳ පදනමක් වැටෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟයි. ඒ අනුව ඔවුන් සිය ජනාධිපතිවරණ ප්‍රචාරක සැලැස්ම කෙළින්ම නාභිගත කළේ ජාතික ආරක්ෂාව කියන ප්‍රස්තුතය පදනම් කර ගෙන. දෙවැනියට ඔවුන් ස්ථාන ගත කළේ මහ බැංකු කොල්ලය. නමුත් එය එතරම් ප්‍රබල තැනක තබා ගන්නට එහි ප්‍රචාරක සැලසුම්කරුවෝ උත්සාහ කළ බවක් පෙනුණේ නැහැ. ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ දක්නට ලැබුණ ප්‍රධාන සාධකය වුණේ ප්‍රචාරක සැලැස්මේ සහ දේශපාලන ප්‍රහාරක සැලැස්මේ ඒකමතිකයක් සහ සැලසුම්සහගත බවත් තිබීම. නමුත් ඔබ මදක් මෙම මහ මැතිවරණය දෙස අවධානය යොමු කර බලන්න. එවැනි ප්‍රචාරක සැලැස්මේ නිශ්චිත නාභිගත කිරීමක් පෙනෙන්න නැහැ. ප්‍රචාරක සැළැස්ම තියෙන්නේ විසිරුණු ස්වභාවයක. ඊට ප්‍රධාන ලෙස හේතු වී තියෙන්නේ ජාතික ආරක්ෂාව කියන කාරණය තවදුරටත් වලංගු තර්කයක් ලෙස ඔවුන්ට පවත්වා ගෙන යන්න බැරි වීම. ඊට හේතුව දැන් එහි වගකීම තියෙන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ වීමයි. දෙවැනි කරුණ හොරකම, වංචාව, දූෂණය සහ විශේෂයෙන් මහ බැංකු හොරකමයි. ඒක නාභි ගත කරන්නත් මේ වෙලාවේ ඔවුන්ට හැකියාවක් නැහැ. මොකද එකක් වංචා දූෂණ සම්බන්ධයෙන් රාජපක්ෂ කඳවුර ගොඩ නගන තර්ක රටට ආකර්ෂණීය නැහැ. ඒ වගේම බැඳුම්කර මගඩිය මතු පිටට ගන්න බැහැ. මොකද ඒ සඳහා දඬුවම් දීමේ වගකීමත් දැන් පැවරිලා තියෙන්නේ ඔවුන්ටමයි. අනෙක කොහොමත් රනිල් අමාරුවේ දාන්න හෝ ඔවුන්ගේ කණ්ඩායම අමාරුවේ දාන්න මේ මොහොතේ බැහැ. ඒ නිසා ජනාධිපතිවරණයේ ගොඩනැගූ තර්ක අදට වලංගු නැහැ.

 

මහින්ද රාජපක්ෂ ජාතිය අමතන්නේ මෙවැනි පසුබිමක් තුළ. ඔවුන්ට අවාසිදායක අවස්ථා නම් කරමින් ඔහු පවසන්නේ සුළු සුළු සිද්ධි අමතක කර පුළුල් චිත්‍රය දෙස බලන ලෙසයි. මහින්ද කියන මෙම මහා චිත්‍රය කියන්නේ මොකද්ද? ඒ තමයි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය.

ඒ වෙනුවට අපට දකින්න පුළුවන් මොකද්ද? රාජපක්ෂ කඳවුර පැත්තෙන් සිදු වන අවුල් ජාලයක් පමණයි. කරුණාගේ ප්‍රකාශය එවැනි ආණ්ඩුවට හානිකර එක එකක්. ඒ නිසා සැලකිය යුතු හානියක් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට වුණ බව කවුරුත් පිළිගන්න සත්‍යයක්. අනෙක් පසින් ක්‍රිකට් පාවාදීම පිළිබඳ සිද්ධිය. ඒ නිසාත් සිදු වුණේ පාඩුවක් සහ හානියක් පමණයි. ඒ වගේම මේ වන විට රටේ සිදු වන මහා පරිමාණ පාරිසරක දූෂණය පිළිබඳව ආණ්ඩුව නොහිතුවාට එමගින් ඔවුන්ට විශාල හානියක් සිදු කරමින් තිබෙනවා. වැලි සහ පස් සඳහා තිබූ බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීම සිදු කළේ සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ පහළ සහයෝගීකරුවන් වෙත සහන සහ අල්ලස් දීම ඉලක්ක කර ගෙන. ඒ හරහා ඔවුන් මැතිවරණ කටයුතු සඳහා මැදිහත් කර ගැනීම සහ යහමින් මුදල් සහ සම්පත් වියදම් කරන තැනට පත් කිරීමට බව ඉතා පැහැදිලි කරුණක්. ඒ වගේම කෝවිඞ් 19 මර්දන වැඩසටහනේ ඇතැම් තැන්වල සිදු වූ දේ ගැන ජනතාවට ඇත්තේ පිළිකුලක්. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑම නිසාත් සැලකිය යුතු හානියක් සිදුව තිබෙනවා. මේ සියලු කරුණු පදනම් කරගෙන ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අයාලේ යන තත්ත්වයට ඇද වැටී අවසන්. ඔවුන් මුළුමනින්ම අසාර්ථක වී ඇති බවක් ඉන් අදහස් නොවන අතර තමන්ට හිතවත් මාධ්‍ය මෙහෙයුම නොවන්නට එසේ වන්නට හොඳටම ඉඩ තිබුණා.

මහින්ද රාජපක්ෂ ජාතිය අමතන්නේ මෙවැනි පසුබිමක් තුළ. ඔවුන්ට අවාසිදායක අවස්ථා නම් කරමින් ඔහු පවසන්නේ සුළු සුළු සිද්ධි අමතක කර පුළුල් චිත්‍රය දෙස බලන ලෙසයි. මහින්ද කියන මෙම මහා චිත්‍රය කියන්නේ මොකද්ද? ඒ තමයි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය. ආණ්ඩුව නැවතත් හදන්නේ අපේ රට අත්පත් කර ගැනීමට-විනාශ කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බව ප්‍රකාශ කිරීමයි. ඉන් රට මුදවා ගැනීමට හැක්කේ තමන්ට පමණක් බව ඔහු නැවතත් කියනවා. ඒ මතින් නැවතත් ජනතාවට මෙම අධිරාජ්‍යවාදී බිල්ලා මවා පා සිය කැම්පේන් එක ස්ථාන ගත කිරීම මෙහි අරමුණයි.

2007 ගිවිසුම

මෙතනදී ඇත්තටම අප අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලින් ඉතිහාසය පුරාවටම සිදු කළේ රටවල් විවිධ ස්වභාවයෙන් යටත් කර ගැනීමයි. ඒ සඳහා විවිධ ආකාරයේ ගිවිසුම් භාවිතා කළා. මෑත කාලයේ රටේ ස්වෛරීභාවට කෙළින්ම බලපාන ගිවිසුමක් වුණේ ්ජුමසිසඑසදබ ්බා ක්‍රදි-ීැරඩසජැ ්ටරුැපැබඑ :්ක්‍ී්* ගිවිසුමයි. එය අත්සන් කරනු ලැබුවේ 2007 වසරේදී. එවකට ආරක්ෂක ලේකම් වූ වත්මන් ජනාධිපතිවරයා ඒ සඳහා මූලික වූ බවත්, අවම වශයෙන් කැබිනට් මණ්ඩලය හෝ එය නොදන්නා බවත් පසුව හෙළි වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දු පැසිපික් බලඝනයේ මිලිටරිමය සේවා අවශ්‍යතා සැපයීම මෙම ගිවිසුමේ මූලික අරමුණයි. නැගෙනහිර-දකුණු සහ මධ්‍යම ආසියානු කලාපයේ චීනයේ මිලිටරිමය, ආර්ථිකමය සහ දේශපාලනමය මැදිහත් වීම් වලට මුහුණ දීම ඉලක්ක කර ගත් ඇමරිකානු උපාය මාර්ගික සැලැස්මට අනුව මෙම ‘ඇක්සා’ ගිවිසුම අත්සන් කරන ලද අතර ඒ අනුව මිලිටරිමය හා එසේ නොවන සේවා දැනටමත් අප විසින් සපයමින් තිබෙනවා. මේ තත්ත්වය විසින් කෙළින්ම ශ්‍රී ලංකාව අන්තර්ජාතික සීතල යුද්ධයක කොටස්කරුවකු බවට පත්කර අවසන්.

SOFA ගිවිසුම

අනෙක් ගිවිසුම වන්නේ ිඒඑමි දf දෙරජැි ්ටරුැපැබඑ :ීධත්‍්* ගිවිසුමයි. මෙම ගිවිසුමත් මිලිටරිමය ගිවිසුමක් වන අතර ඇමරිකානු හමුදාමය සාමාජිකයන්ට සත්කාරක රට තුළ නිදහසේ හැසිරීමට සහ ක්‍රියාකාරී වීමට අවශ්‍ය නීතිමය අවසරය එමගින් හිමිවනවා. විචාරකයන් පවසන්නේ හමුදා කඳවුරු නිල වශයෙන් ඉදි නොකළත් මෙමගින් විශාල වශයෙන් විදේශ හමුදා සාමාජිකයන්ට රට තුළ ගැවසීමට සහ ඔවුන්ගේ කටයුතු නිදහසේ සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමයි. එමෙන්ම ඔවුන්ට අපේ රටේ නීතිය අදාළ නැති අතර නීතිය සඳහා වන මුක්තියක් ද හිමි වනවා. ඇමරිකාව මෙම ගිවිසුම කෙටුම්පත් කර ඇති අතර මේ වන විටත් ලංකාවේ කැමැත්ත ලබා ගැනීම සඳහා විවිධ උපායන් සකසමින් සිටිනවා.

 MCC ගිවිසුම

අනෙක් පසින් ඵසකකැබබසමප ක්‍ය්කකැබටැ ක්‍දරචදර්එසදබ :ඵක්‍ක්‍* ගිවිසුම. ඇමරිකාවම පවසන පරිදි මෙම ආයතනය මගින් ලබා දෙන ආධාර ඔවුන් හඳුන්වන්නේ ඇමරිකානු ආයෝජන ලෙස වන අතර ඇමරිකානු ජාතික ආශාවන් ප්‍රවර්ධනය වෙනුවෙන් ඒවා ක්‍රියාත්මක වනවා. (ැබය්බජැ ්පැරසජ්බ සබඑැරුිඑි). පැහැදිලි ලෙසම මෙමගින් සිදු කරන්නේ තමන් විසින් තෝරා ගත් රටවල ආයෝජන සිදු කිරීම සඳහා පවතින නීතිමය සහ ව්‍යුහගත බාධා ඉවත් කිරීමයි. එමෙන්ම අදාළ ප්‍රාග්ධන ආයෝජන අවස්ථා ඇමරිකාව වෙත පමණක් සන්තක කර ගැනීමයි. ඒ අනුව අපේ රටේ ඇමරිකානු ප්‍රාග්ධන ආයෝජනවලට ඇති ප්‍රධාන බාධකයක් ලෙස ඔවුන් හඳුනාගෙන තිබෙන්නේ ඉඩම්වල අයිතිය සහ ආරක්ෂාව දැඩි රාජ්‍ය රක්ෂණයක් යටතේ පැවතීමයි. ඒ නිසා එය හුදු වෙළඳ භාණ්ඩයක් බවට පත් කළ යුතුවාක් මෙන්ම ඒවා අයිතිකර ගැනීම තම රටට සහතික කර ගත යුතු වනවා. ඵක්‍ක්‍ ආයතනය ලොව පුරා නිර්ණායක 09 ක් යටතේ ව්‍යාපෘති දියත් කරනවා. යෝජිත මෙම ගිවිසුම මගින් එහි 07 වැනි නිර්ණායකය යටතේ අපේ රටේ ඉඩම් හා ඉඩම් සඳහා ප්‍රවේශ පහසු කිරීම සරල කිරීම සහ පහසු කිරීම ඉලක්ක කර ගිවිසුම සකස් කර තිබෙනවා. ඒ අනුව එය කෙළින්ම අපේ රටේ භූමිය ඉලක්ක කර ගත් වැඩසටහනක් බව පැහැදිලියි.

ඊට අතිරේකව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ඇති වී ඇති තත්ත්වයෙන් හෙළිවන වැදගත් කරුණක් වන්නේ අපේ රටේ රාජ්‍යය සම්පත් කොල්ල කෑම සඳහා බලවත් රටවල් සිදුකරන නිර්ලජ්ජිත උත්සාහය සහ ආක්‍රමණයයි. මේ වන විටත් හම්බන්තොට වරාය චීනයට ලබා දී අවසන්. කොළඹ වරයේ වැදගත්ම කොටසක් මේ වන විටත් චීනයට ලබා දී අවසන්. ක්‍ෂක්‍ඔ නමින් ඇති මෙම චීන ජැටිය දකුණු ආසියාවේ ගැඹුරුම ජැටියයි. පෝර්ට් සිටිය අනෙක් පැත්තෙන් අපට අයිති නැහැ. මේ සියල්ල පිටුසප සිටින්නේ කවුද? දැන් ප්‍රධාන ගිවිසුම් 03 ක් මගින් සහ අවශේෂ වෙළඳ හා එසේ නොවන ගිවිසුම් කිහිපයක් මගින් අපේ රටේ ස්වෛරීභාවය ඇත්තටම මේ මොහොත වන විටත් අභියෝගයට ලක්කර අවසන්. එනම් මේ වන විටත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයට හසුව අවසන්. මේ රට පාවා දෙන ගිවිසුම් අතරින් කිහිපයකට කෙළින්ම වගකිව යුතු වන්නේ රාජපක්ෂ පාලනයි. අනෙක් පසින් හම්බන්තොට වරාය-පෝර්ට් සිටි එක හෝ ක්‍ෂක්‍ඔ ජැටිය යළි පවරා ගන්නා බවක් ඔවුන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වගේම ඵක්‍ක්‍ අත්සන් නොකරන බවක් කියන්නේද නැහැ. සිදුවිය හැකි දේ තමයි මේ සියලුම ගිවිසුම් මැතිවරණයෙන් පසුව විවිධ වේශයෙන් අත්සන් කිරීමයි. ඒ අනුව මහින්ද කියන ඇත්ත අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය දියත් වන්නේ ඔහුගේ ද අනුදැනුම සහ අනුග්‍රහය මතයි. මහින්දම කියන මහා චිත්‍රය තමයි මේ. නමුත් අපට ඔහු මහා චිත්‍රය ලෙස පෙන්වන්නට උත්සාහ කරන්නේ වෙනත් චිත්‍රයක් බව අප තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ හිතා මතාම මහින්ද මහා චිත්‍රය වෙනුවට වෙනත් චිත්‍රයක් මතු පිටට ගන්න උත්සාහ කරනවා. මේ ආණ්ඩු හැම එකක්ම සිදු කළේ රාජ්‍ය දේපළ විදේශිකයන්ට පාවාදීමයි. දැන් තුනෙන් දෙක ඉල්ලන්නේ අපේ හොඳකට නොව මේ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑමටයි. ඒ නිසා ඇත්ත අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය තියෙන්නේ මේ ආණ්ඩු අස්සේ මිස එළියේ නෙමෙයි. අවාසනාව වන්නේ මිනිස්සු මෙය තේරුම් නොගැනීමයි.

 

අනුහස් බණ්ඩාර

Leave A Reply

Your email address will not be published.

eleven − eight =