තවත් ආසාදිතයන් 90 සොයා ගනියි
කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් තවත් 90 දෙනෙකු මේ වන විට එනම් සවස 3 වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව අද පස්වරු 3.00 වන විට නිකුත් කරන ලද දත්ත අනුව 2605 කි.
මේ වන විට රෝහල්වල පුද්ගලයින් 613 දෙනෙකු ප්‍රතිකාර ලබයි.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල 76 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත්, සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
බෝවන රෝග මර්ධන ඒකකය විසින් කොවිඩ් – 19 වයිරසය සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ දත්ත අනුව ඊයේ (11 වැනිදා – සෙනසුරාදා) සවස 6.15 වන විට කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සංඛ්‍යාව 2459 කි.
ඒ අනුව අද දිනයකටත් අඩු එනම් පැය 21 ක් තුළ දී ශ්‍රී ලංකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 146 දෙනකු හමුවී තිබේ.