NEMO ආයතනයේ දේශපාලන හිතවතුන්ට මැතිවරණ නීති අදාල නෑ

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය (NEMO) සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ ද නොතකමින්, දේශපාලන හිතවත්කම් මත නව සේවකයන් බඳවාගෙන ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ ඇති ව්‍යපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වන ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ නොතකමින්, සේවකයන් තුන්දෙනෙකු බඳවා ගෙන ඇත.
අලි වැටක් ඉදි කිරීමේ ව්‍යපෘතියක් සඳහා මසකට රුපියල් 75,000.00ක වැටුපකට ඉංජිනේරුවරයකු, බුත්තල කටුපොත පැලවත්ත ප්‍රදේශයේ වැඩබිමක් සඳහා රුපියල් 50,000.00ක වැටුපකට ඉංජිනේරුවරයකු සහ ව්‍යපෘති අධ්‍යක්‍ෂවරයකු වශයෙන් මෙම සේවකයන් තිදෙනා බඳවාගෙන ඇත.
කිසිදු දැන්වීමකින් හෝ සම්මුඛ පරීක්ෂණයකින් තොරව දේශපාලන වුවමනාවන් මත කළමනාකරණ කමිටුව මඟින් 2020 ජූලි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීති විරෝධී පත්වීම් ලබා දී ඇති බව නිමෝ ආයතනයේ සේවකයෝ පවසති.
ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන් අඩු කිරීමේ පරමාර්ථයෙන් පසුගිය අප්‍රියල් මස සේවකයන් බොහොමයක් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය යටතේ ආයතනයෙන් ඉවත් කර ඇති පසුබිමක ජාතික මැතිවරණයක් ප්‍රකාශ කර ඇති කාලයක සම්මුඛ පරීක්ණයක්වත් නොපවත්වා මෙලෙස සේවකයන් නැවත බඳවා ගැනීම පිළිබඳව ගැටලුවක් පවතී.
මේ සම්බන්ධයෙන් අප නිමෝ ආයතනයේ කළමනාකාර මණ්ඩලයේ සභාපති, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උප සභාපති භාග්‍ය ජයතිලක මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමට කළ උත්සාහය අසාර්ථක විය.

Leave A Reply

Your email address will not be published.

two × four =