රාජාංගනය ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින් 4 ක්

රාජාංගනය ප්‍රදේශයේ පදිංචි තවත් කොවිඩ්-19 ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
රාජාංගනය ප්‍රදේශයෙන් පමණක් මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඊයේ (11) දිනයේදී පුද්ගලයින් 57 දෙනෙකු හඳුනාගැණුනු අතර අද උදෑසන තවත් සිව්දෙනෙකු හඳුනාගත් බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2515 දක්වා ඉහළ යයි. ඔවුන් අතුරින් 1980 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.

4 × four =