ඇපමත නිදහස්ව සිටින රංගජීව මැර රංගනයට

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන ඇපමත නිදහස්ව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව විසින් ‘‘මව්බිම‘‘ පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන ඊයේ (10) කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඇඳගෙන ගොස් අමානුෂික අන්දමින් කටයුතු කර ඇත . ඒ  සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ පොලිස් මුරපොළ විමර්ශනයක් ආරම්භ කොටඇති බව පවසයි.

නියෝමාල් රංගජීවගේ ඡායාරූප ගත් බව කියමින් කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ එහි පොලිස් මුරපොළ වෙත ඇඳගෙන ගොස් එහිදී තමාට තර්ජනය කළ බවද කළ බවත් තමාගේ ‘කැමරා චිප්’ දෙක බලහත්කාරයෙන් ලබාගත් බවත් කියමින් අකිල ජයවර්ධන මහාධිකරණ පොලිස් මුරපොළට ඉදිරිපත් කළ පැමිණිල්ලක් කර ඇති අතර ඊට අනුව මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.

‘රාඩා’ ආයතනය වෙත නිකුත් කළ රුපියල් කෝටි 17 කට ආසන්න මුදලක් අවභාවිතා කළ බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණයට පැමිණ සිටියදී තමන් මෙය සිදුවී ඇත.

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව පැමිණි බවත් මාධ්‍ය ආයතනයේ අවශ්‍යතා මත ඔහුගේ ඡායාරූප ගත් විට රංගජීව කමීසයෙන් අල්ලා ගත් ගත් බවා අකිල පවසයි. අකිල ‘මව්බිම’ පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදීයකු බව කීවත් ඔහු එය ගණනකට නොගෙන මහාධිකරණ පොලිස් මුරපොළ වෙත ඇඳගෙන ගොස් ඇත. එහිදී නියෝමාල් රංගජීව විසින් තමාට අමානුෂික අන්දමින් සැළකූ බවත් තමාගේ ‘කැමරා චිප්’ දෙක බලහත්කාරයෙන් ලබාගත් බවත් සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

eighteen − fifteen =