මුද්‍රණ සම්මාන උලෙළේදී SLT වෙත සුවිශේෂී පිළිගැනීමක්

ජාතික මුද්‍රණ සම්මන්ත්‍රණය වන ශ්‍රී ලංකා මුද්‍රණ විශිෂ්ටතා සම්මාන උළෙල 2020 පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුණු අතර එහිදී මෙරට මුද්‍රණ කර්මාන්තය සඳහා දක්වනු ලැබූ දායකත්වය වෙනුවෙන් සුවිශේෂී
පිළිගැනීමක් SLT Digital Info Services (Pvt) Ltd විසින් ප්‍රකාශයට පත් කරනු ලැබෙන ජාතික ව්‍යාපාරික නාමාවලිය වෙත ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය විසින් පිරිනමන ලදී. ඒ අනුව දේශීය විශේෂඥතාව හා ශක්‍යතා ප්‍රයෝජනයට ගනිමින් පුරා වසර 15ක් මුළුල්ලේ වාර්ෂිකව විශාලතම තනි ප්‍රකාශනය පළ කිරීම එහිදී විශේෂ පිළිගැනීමට ලක් කෙරිණ.

ශ්‍රී ලාංකේය මුද්‍රණ කර්මාන්තය වෙත දැවැන්තම දායකත්වයක් ලබා දෙන ජාතික ව්‍යාපාරික නාමාවලිය හෙවත් ‘SLT RAINBOW PAGES’ ගත වූ වසර 15ක කාලය මුළුල්ලේ අඛණ්ඩව විශාලතම තොරතුරු ග්‍රන්ථය මුද්‍රණය කොට පළ කිරීමෙහි නියැළී සිටියි.
2002 වසරේ පටන් SLT Rainbow Pages, ජාතික ව්‍යාපාරික නාමාවලිය දේශීය මට්ටමින් මුද්‍රණය කිරීම ඇරඹීමත් සමග දේශීය ව්‍යාපාර වෙනුවෙන් අසමසම අවස්ථාවන් බිහි විය. විවිධ නිෂ්පාදන හා සේවා කාණ්ඩ 1300 කට අධික ප්‍රමාණයක් ආවරණය කරන ව්‍යාපාරික ආයතන හා සංවිධාන 6000 කට අධික සංඛ්‍යාවක් ද, රාජ්‍ය ආයතන හා ආගමික සිද්ධස්ථානද ඇතුළත්ව දිවයිනේ සියලුම අංශ එමගින් නියෝජනය වෙයි.

මේ පිළිබඳව අදහස් පළ කරමින් SLT Digital Info Services (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී මල්රාජ් බලපිටිය මහතා අවධාරණය කර සිටියේ ‘අන්තර්ජාලයේ ආධිපත්‍යයට නතුව පවතින වත්මන් ලෝකයේ වුවද දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනුකරුවන් හා ව්‍යාපාර යා කිරීමෙහි ප්‍රමුඛ භූමිකාවක නියැළීමට තවදුරටත් SLT Rainbow Pages නාමාවලියට හැකි වීම කැපී පෙනෙන කරුණක්’ බවයි

පුෂ්ප එපිටකඩුව

Leave A Reply

Your email address will not be published.

five × 1 =