වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට කොවිඩ්-19

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට ඊයේ (10) දින වාර්තා වූ අතර මේ අනුව ඊයේ දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 297වෙයි.

මේ අතරින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 283ක් ද විදෙස්ගතව සිට පැමිණි 13ක් ද ආසාදිතයින් වන බව වාර්තාවේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2451 දක්වා ඉහළ ගොස් ඇති අතර ජනතාව නැවතත් මුල් කාලයේ තිබු ආරක්ෂක ක්‍රම පිළිපැදීමට පටන්ගෙන ඇති බවක් දක්නට ලැබේ.
එහෙත් රජය පවසන්නේ කෙසේ හෝ අදාළ දිනයට මැතිවරණය පවත්වන බවයි. මේ වන විට ජනතාව ඡන්දය මෙවන් තත්වයක් තුළ පැවැත්වීම සම්බන්දයෙන් එතරම් කැමැත්තක් නොමැති බවයි.

Leave A Reply

Your email address will not be published.

12 + 9 =