විශ‍්‍රාමිකයින් දිස්ත්‍රික් 15 කදී ඊයේ සත්‍යග‍්‍රහයක

2016-2020 විශ‍්‍රාමිකයින්ගේ විශ‍්‍රාම වැටුප අසාධාරණ ලෙස අත්හිටුවීමට  එරෙහිව රටපුරා දිස්ත‍්‍රික්ක 15 ක ඊයේ (08) දින සත්‍යග‍්‍රහයක් පැවැත්විය. ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති සත්‍යග‍්‍රහයේ අවස්ථාවක්.. මේ සඳහා විශ‍්‍රාමික හිමිකම් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ, එම සංවිධානයේ නියෝජිත කේ. සරත්ලාල් පෙරේරා, යූ. පලිහවඩන ඇතුලු පිරිසක් සහභාගී විය.
මේ අතර රට පුරා දිස්ත්‍රික් පහලවක් නියෝජනය වන පරිදි විශ‍්‍රාමිකයින් මෙම සත්‍යග‍්‍රහයට එක්ව සිටියේය.

“ජනාධිපතිවරයා බලයට පත්කරද්දි විශාල ජ්‍යෙෂ්ඨ පුරවැසියො ප‍්‍රමාණයක් ඔහුව බලයට ගෙනඒම සඳහා ඡන්දය දුන්න. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සහමුලින්ම බිඳ වට්ටල ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප කපා දමල තියෙන්නෙ. ඒ නිසා වහාම වත්මන් ආණ්ඩුව මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙ විශ‍්‍රාම වැටුප ලබාදීමට කටයුතු කළ යුතුයි. මේ සඳහා දිස්ත‍්‍රික්ක 15 ක මෙම සත්‍යග‍්‍රහ ව්‍යාපාරය සිදුකරමින් අපි ආණ්ඩුවට බලකර සිටිනව” යැයි විශ‍්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ පවසයි.

කොළඹ 

ගම්පහ 

මොණරාගල 

මාතර 

මහනුවර 

Leave A Reply

Your email address will not be published.

2 × 2 =