බෙල්ජියම ‍‍කොංගෝ ජනරජයෙන් සමාව අයදියි !

බෙල්ජිය‍‍මෙන් නිදහස ලබා වසර 60 ක් පිරීම නිමිත්තෙන් ජුනි 30 දින කොංගෝ ජරජයට බෙල්ජියමේ පිලිප් රජු මෙසේ ලියා යැවීය.
“ප්‍රචණ්ඩත්වය සහ කෘෘරත්වය අප කොංගෝවෙිදී භාවිතා කර ඇත්තෙමු.” යටත් විජිත පාලනය යටතේ කොංගෝ ජනතාව “දුක් වේදනාවට හා නින්දාවට පත්වූ බවත් අපි පිලිගනිමු. බෙල්ජියම් පාලන සමයේ සිදු වූ එකී ප්‍රචණ්ඩත්වයන් සහ දුක් වේදනාවන් පිළිබඳව අප “බලවත් කනගාටුව” ප්‍රකාශ කර සිටිමු. එමෙන්ම
.”අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් ඊටත් වඩා පලදායී මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමටත්, අපගේ දීර්ඝතම පොදු ඉතිහාසය පිළිබඳව සියලු සත්‍ය හා කෘෘරත්වය සන්සුන් භාවයෙන් එකිනෙකා සමඟ කතා කිරීමට අපට හැකි විය යුතුය‘‘

බටහිර ජනමාධ්‍ය ප්‍රකාශ කල පරිදි එය බෙල්ජියමේ අතීතයේ කොංගෝවට කරනු ලැබූ අපරාධයන්ට සමාව ගැන්මක් නෙවෙි. කනගාටුව ප්‍රකාශ කිරීමකි. කෙසේ වුව 19 වන සියවසේදී කොංගෝව යටත් විජිත කිරීමෙන් පසු ජාතිය විසින් අධීක්ෂණය කරන ලද ම්ලේච්ඡත්වය, මරණය සහ කොල්ලය සම්බන්ධයෙන් බෙල්ජියම් අධිරාජ්‍යයෙක් ඕනෑම ආකාරයක සමාවක් අයැද සිටි පළමු අවස්ථාව මෙයයි. මෙය වසර 60 කට පසු ඕපපාතිකව සිදුවු ‍‍දෙයක්ද ? නැත. එය එක්සත් ජනපදයේ කලු ජනතාව තමන්ට කරනු ලබන වෙනස්කමි වලට එරෙහිව නැගු හඬේ ජාත්‍යන්තර දිගුවකි අධිරාජ්‍යයන් ප්‍රශ්න කිරීමට පටන් ගැනීම නිසා උපන් යටත්විජිත ස්වාමිවරුන්ගේ තිගැස්මකි.

යටත්විජිත ඉතිහාසයේ කෘෘරතම පාලකයා වු බෙල්ජියම කනගාටුව ප්‍රකාශ කල පමනින් සුජාතද ? නිදහස්ද? කිසිසේත් නැත. ඔවුහු කොංගෝ ජනතාවගේ රුධිරයෙන් බෙල්ජියමේ මාලිගා තැනුහ. සිය ජනතාවගේ උදර පෝෂණය කලහ, බෙල්ජියමෙි ‘ලියෝපෝල්ඩ් රජු’ කොංගෝව සැලකුවෙි තම පෞද්ගලික දේපළ ලෙස ය. ඔහුගේ පාලන සමයේදී කොංගෝ වැසියන් රබර් වගාවන් සඳහා දමිවැල් වලින් බැද ශ්‍රමය සූරාගත් අතර අපයෝජනය, වධහිංසා සහ මිනීමැරුම් වලට ලක් විය. මිනිස්සු වහල්ලු වූහ. කුඩා අප්‍රිකානු දරුවන් යුරෝපයට ගෙන ගොස් කුඩු කර මිනිස් සත්වෝද්‍යාන නිරමාණ කලෝය. එක් සුලු අතපසුවීමකට දඩුවම අත පය කපා දැමීම හා ඒවා අනෙකුන්ට භීතිය ඉපදවීමට ප්‍රදර්ශන භාන්ඩ විය. නැතහොත් අතපසු කල පුද්ගලයාගේ බිරිද දූෂණයට ලක්විය. එසේත් නැත්නමි ඔහු හෝ ඇය කල වරදට සිගිති පුතා ගේ හෝ දුවගේ දෑත් කපා දමා වන්දි පිරිමසා ගත්තෝය. භීතිය පැතිරවීම ශ්‍රමය සූරාකෑමෙි ප්‍රධානතම අවිය විය. ඉසුරුමත් බෙල්ජියමක් වෙනුවෙන් ඝාතනයවූ අප්‍රිකානුවන් කොපමනක්ද ?. එය දස ලක්ෂයේ සිට සියක් ලක්ෂය දක්වායැයි ඉතිහාසඥයෝ ලියා තිබේ. කොංගෝව නොතිබුනේ නම් බෙල්ජියම පොහොසත් රටක් නොවනු ඇත.

සියක් ලක්ෂයක් ජනතාව ඝාතනය කළ ඝාතකයා ජන සංහාරකයෙකි. කනගාටුව ප්‍රකාශ කිරීමෙන් එවන් ඝාතකයෙක් පිරිසිදු වෙිද?. මෙි අංගුලිමාල ජාතක කතාව නොවෙි. මෙය රටක් හා ජනතාවක් ලෝකයේ පත්ලට හෙලුවකුගේ කතාවකි. රටක් අපායක් බවට පත්කෙරුවන්ගේ කතාවකි . එබැවින් කනගාටුව ප්‍රනාශ කිරීම යනු ප්‍රශ්නය අගින් අල්ලා ගැනීමකි. ප්‍රශ්නය අල්ලා ගත යුත්තේ බෙල්ල මුලිනි. බෙල්ජියම අතිතයේ සියක් ලක්ෂයක් ඡනතාවගේ ඝාතනයන් වෙනුවෙන් දුප්පත් කොංගෝවට වන්දි ගෙවිය යුතුය. උත්තරය ඇත්තේ එතැනය. ඉන් මෙහා කිසිවක් උත්තර නොවෙි.

-උපාලි ජයසිංහ 

Leave A Reply

Your email address will not be published.

fifteen + nine =