ලොව එක් දිනක් තුල වැඩිම ආසාදිතයින් ඊයේ අමෙරිකාවෙන්

මේ දක්වා කොරෝනා වෛරසයෙන් එක් දිනක් තුල වැඩිම ආසාදිතයින් වාර්තා වූ රට බවට ඇමෙරිකාව පත්ව තිබේ. එනම් ඊයේ (07) දිනය තුලදී ඇමෙරිකාවේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 60,021ක් වන අතර ඊයේ දින එරට සිදු වූ මරණ සංඛ්‍යාව 1,195ක් බවට ජෝන් හොප්කින්ස් සරසවිය සඳහන් කරයි.

ඊයේ දිනයේ සිට අද දක්වා ලොවපුරා කොරෝනා රෝගීන් 308,149 ක් වාර්තා වී ඇති අතර මරණ 6,686ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව සටහන් වෙයි.

මේ වන විට ඇමෙරිකාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,097,538ක් වන අතර මුළු මරණ සංඛ්‍යාව 133,991ක් ලෙස වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

11 − 2 =