මත්කුඩු ජාවාරම් කළ පොලිස් නිලධාරීන් අද අධිකරණයට

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය යලි ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනෙකු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගෙන තිබු මත්කුඩුසංවිධානාත්මක අපරාධකරුවන්ට  අලෙවි කිරීමේ චෝදනා මත මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 21ක්.

මෙම පිරිසට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 18 දෙනෙකු සහ සිවිල් වැසියන් තුන්දෙනෙකුද ඇතුළත්.

හෙළිවී ඇති තොරතුරු වලට අනුව මෙම අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරින් විදේශ රටවල සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් සමගද සබදතා පවත්වා ඇති බවයි.

මොවුන් ගෙන්, රුපියල් කෝටි 05කට ආසන්න මුදල් වාහන 20 ක් පමණ සහ නිවාස, ඉඩම්, ඇතුළු මත්ද්‍රව්‍ය ජාවරම් වලින් උපයාගත් දේපල රැසක්ද මේ වන විටත් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

කඩවත පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබු පොලිස් පරීක්ෂකවරයා මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්ණ කරමින් සිටියි.

අත්අඩංගුවේ සිටින සැකකරුවන් හෙළිකරන තොරතුරුවලට අනුව ඉදිරියේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

Leave A Reply

Your email address will not be published.

4 × three =