බෝම්බ හදන්න ගිය පුද්ගලයා මියයයි – බිරිඳ අත්අඩංගුවේ

බෝම්බයක් නිෂ්පාදනය කිරීමේ නිරතවී සිටි කිලිනොච්චිය, පලෙයි, ඉයක්කච්චි ප්‍රදේශයේ පුද්ගලයෙකු එය පුපුරා යාමෙන් ඉකුත්දා 04 වන දා බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා අද (8) මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

පිපිරීමෙන් තුවාල ලබා සිට ඇත්තේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් තිබේ.

මෙම බෝම්බ පිපිරීමෙන් පසු පොලීස් නිලධාරීන් හා ත්‍රස්ත විමර්ශන අංශය විසින් සිදු කරන ලද සෝදිසි වලදී නිවසේ තිබී දේශීය නිෂ්පාදිත බෝම්බ දෙකක් හා අඩක් නිෂ්පාදනය කරන ලද බෝම්බයක් මෙන්ම කලු කොටි දිනය සමරමු යන පෝස්ටරයක් ද හමුවී ඇති බව පොලිසිය පවසයි. මේ අතර තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇත.

මිය ගිය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම් හා වැඩිදුර පරික්ෂණ කටයුතු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඉයක්කච්චි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තංගරාසා ගංගේ ආත්මන් නැමති අයෙක් බවට පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.

9 + 10 =