බ්‍රසීලයේ 65,631ක් මිය යන විට ජනාධිපතිටත් කෝවිඩ් 19

 

උණ වැළඳීමෙන් පසු කෝවිඩ් 19 පරීක්ෂණය සිදු කළ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ. ඊයේ දිනයේ ජනාධිපතිවරයා සිව්වෙනි වතාවට කොරෝනා වෛද්‍ය පරීක්ෂණයට ලක්වූ අතර එහිදී ඔහුට වෛරසය වැලදී ඇති බවට තහවුරු විය.

බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ මින් පෙර දිගින් දිගටම කොරෝනාවෛරසය සුළු කොට තකමින් එය “සාමාන්‍ය උණක්” ලෙස ප්‍රකාශ නිකුත් කළ අතර ලෝකයේ වැඩිම කොරෝනාවෛරස රෝගීන් හා මරණ සංඛ්‍යාවෙන් දෙවන ස්ථානයේ සිටින්නේ බ්‍රසීලයයි.
මීට පෙර බ්‍රසීල ජනතාව ජනාධිපති බොල්සොනාරෝගේ ක්‍රියා කලාපයට එරෙහිව විරෝධතාවයන්ද පවත්වනු දක්නට ලැබිණි.

මේ වන විට බ්‍රසීලයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,628,283ක් වන අතර මියගිය සංඛ්‍යාව 65,631ක් වනවා.

මේ අතර මේ වන විට ලෝකය පුරා කොරෝනාවෛරස රෝගීන් එක්කෝටි දාහත් ලක්ෂයක් වාර්තා වන අතර, මරණ පන් ලක්ෂ හතළිස් එක් දහස පසු කර ඇත.

Leave A Reply

Your email address will not be published.

3 × 2 =