ඉතින් අවසරයි ක්‍රිකට් කෙළිය ට

 

කොරෝනාවෙන් පසු පලමු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ය හෙට දින එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතව ඇත . ඒ එංගලන්ත කොදෙව් පලමු ටෙස්ට් තරඟය ලෙසයි.

මෙය වේග පන්දු යවන්නන් ගෙ සටනක් ලෙස ආරම්භ වීමට බොහෝවිට ඉඩ ඇත , Kemar Roach , Shannon Gabriel , Jason Holder හා Alzzari Joseph ගෙන් සමන්විත කොදෙව් වේග පන්දු බලඇණිය James Anderson , Stuart Broad , Jofra Archer හා Mark Wood සමඟ මුහුණ ට මුහුණ ගැටීමට නියමිතව ඇත . Broad වෙනුවට ඇතැම් විට Chris Woakes කැඳවීමට ඉඩ ඇති බවක් ආරංචි වන අතර සිව්වැනි හා අවසන් දින වලදි තණතීරු ව මන්දගාමී වන බවක් දිස්වන බැවින් Dom Bess අනිවාර්යයෙන් කැඳවීමට ඉඩ ඇත . එවිට ඉහත වේග පන්දු යවන්නන් ගෙන් අවස්ථාව හිමි වන්නේ 3 දෙනෙකුට පමණක් වේ. එය බොහෝවිට Anderson , Woakes හා Archer වීමට ඉඩ ඇත . එසේ වුවහොත් එංගලන්තයේ දී අඛණ්ඩව ටෙස්ට් තරඟ 51 ක් ක්‍රීඩා කල Broad ගෙ වාර්තා ව නිමාවනු ඇත . එම තණ්තිල්ලෙ ස්වාභාවය කොදෙව්වන් ගෙ Rahkeem Cornwell ට යම් අවස්ථාව ක් ඇති බවට ද ඉඟි පල කරන්නා පන්දුවේ ඉපිලීමෙ වාසිය ඔහුට ලබා ගැනීමට අවස්ථාව ක් ඇති බැවිනි.

එංගලන්තය අවසන් වරට තරඟාවලිය ක් තමන් ගෙ රටේදි පරාජය වී ඇත්තෙ 2014 දි ශ්‍රී ලංකා කණ්ඩායම අතිනි. එතැන් සිට කිසිඳු කෙරුමෙක් එංගලන්තයේ දී තරඟාවලි ජයග්‍රහණය ලබා නොමැත. නමුත් 2019 දී තමන් ගෙ රටේදි wisden ශූරතාවය 2-1 ලෙස ජයගත් කොදෙව්වො මුලසිට ම පාරම් බාමින් සිටින්නේ තමන් තවදුරටත් ශූරතාවය ආරක්ෂා කර ගන්නා බවයි. ඔවුන් එංගලන්තයේ දී අවසන් වරට තරඟාවලි ජයග්‍රහණය ක් ලබන්නේ 1988 දී Viv Richerds ගෙ නායකත්වයෙනි.

Joe Root නොමැති කමින් නායකත්වය Ben Stockes ට හිමිවී ඇති අතර Josh Buttler උපනායකයා ලෙස මෙන්ම කඩුළු රකින්නා ද ලෙස කණ්ඩායම කැඳවා ඇත්තෙ Bairstow , Foakes සියල්ල ට ම ඉදිරියෙනි. Rory Burns , Dom Sibley , Zak Crawley , Joe Denly හා Ollie Pope ගෙන් සම්න්විත අත්දැකීම් අඩු එංගලන්ත මුල් පෙළ Roach ප්‍රමුඛ වේග පන්දු යවන්නන් හමුවේ සුණුවිසුණු වීමට ඉඩ ඇති බැවින් Stokes ට මැදපෙල දරාගැනීමේ භාරදූර වඟකීම Buttler සමඟින් භාර ගැනීමට සිදුවනු ඇත. Chris Woakes ව Broad හා Wood ට ඉදිරියෙන් තෝරා ගැනීමට වැඩි ඉඩක් ඇත්තේ ද මෙලෙස මැදපෙල ශක්තිමත් කිරීමෙ අවශ්‍යතාව යක් ඇති බැවිනි . නිත්‍ය නායක Root අහිමිවීමේ බරපතළ බව පසක් වනුයේ එවිටය .

අනෙක් අතට පුහුණු තරඟ දෙකෙහිදීම පන්දු වාර 5ක් පමණක් යැවූ Holder ගෙ ශාරීරික යෝග්‍යතාව ගැටලුවක් වුවහොත් එය කොදෙව්වන් ට ද කිසිසේත් පිරි මැසිය නොහැකි පාඩුවකි. එමෙන්ම ඉනිම තුනකදී ම Holder රැස් කිරීමට සමත්වූයේ ලකුණු 7 ක් පමණි . ලොව අංක එකේ ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස මෙය කිසිසේත් සෑහීමකට පත් විය නොහැකි තත්වයකි. Kraig Brathwaitte , John Campbell , Shamarh Brooks , Shai Hope , Roastan Chase , Shane Dowrich ගෙන් සමන්විත වන කොදෙව් පිතිකරන බලඇණියේ ඊලඟ ක්‍රීඩකයා වෙනුවෙන් Jeramine Blackwood සහ Nikrumah Bonner අතර තරඟයෙන් අත්දැකීම් සහිත Blackwood ඉදිරියෙන් සිටින නමුත් ,Hetmyer ගෙන් හිස්වුනු මෙම ස්තානය ට දෙවෙනි පුහුණු තරඟයේදි ඉනිම දෙකෙහිදිම නොදැවී පිලිවෙලින් ශතකයක් සහ අර්ධ ශතකයක් රැස් කල විසිදෙක හැවිරිදි අතිරේක කඩුලු රකින්නා වන Joshua da Silva කැඳවීමට යම් අවස්ථාව ක් ඇත . ඒ කවදත් දුර්වල අඩියක පවතින කොදෙව් පිතිකරන ය ගොඩ නැගීමෙ අරමුණ ඇතිවය.

Holder හොඳ පිතිකරන රිද්මයක සිටියේ නම් පන්දු කරණය තව දුරටත් බල ගැන්වීමෙ අරමුණින් තුන් ඉරියව් ක්‍රීඩකයන් වන Cornwell හෝ Raymon Reifer කැඳවීමට ඉඩ තිබූ නමුත් මෙම පවතින තත්වයටතේ ඒවැන්නක් බලාපොරොත්තු විය නොහැක. Chemar Holder ට ද ප්‍රදාන වේග පන්දු යවන්නෙක් ආබාධයකට ලක් වන තුරු හෝ විවේක ගන්වනු තුරු බලා සිටීමට සිදුවනු ඇත .

ලෝකයේ අංක 1 සහ 2 ස්තාන දරණ තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනා විසින් මෙහෙය වනු ලබන කොදෙව් හා එංගලන්ත කණ්ඩායම් එලෙසින් හෙට දිනයේ පිටියට බසිනු ඇත. තරඟාවලිය ඕනෑම පැත්තකට පෙරලිය හැකි අතර අවසන් ප්‍රතිඵල ය දෙපිළෙහිම පිතිකරුවන් ගෙ වඟකීම් සහගත බව හා දරාගැනීමේ හැකියාව මත තීරණය වනු ඇත . කණ්ඩායම් දෙකෙහි වෙනස Ben Stocks පමණක් වීමට ඉඩ ඇත .
-චරිත දිසානායක

Leave A Reply

Your email address will not be published.

3 × three =