නාකොටික් IP කඩවතදී අත්අඩංගුවට

පොලිස් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය, නැවත කුඩු ජාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියට අනුබල දුන් බව කියන එම කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයා සොයා පොලිසිය මෙහෙයුමක් දියත් කළ අතර අද (07) සවස කඩවතදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ප්‍රධාන සැකකරුවෙකුව සිටි අද පොලිසියට භාර වූ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර යන අය ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 7 ක ද රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇතිබව ද පොලිසිය පැවසීය.

මෙම පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර තමා පැමිණ භාර වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතාට වෙත දුරකථන ඇමතුමක් දෙමින් දන්වා තිබිණි.

ඔහු සැඟව සිටි කුරුණෑගල නිවසේ සිට මගී ප්‍රවාහන බස් රථයකින් පැමිණ කඩවතදී බසයෙන් බැස හඬමින් මහමග රැඳී සිට ඇති අතර එම අවස්ථාවේ එතැනට පැමිණි කඩවත පොලිසියේ ජංගම පොලිස් නිලධාරීන් පිරිසක් ඒ පිළිබඳ හේතු විමසා තිබේ.

එහිදී තමා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයා බව පැසසූ බවත් ඉන් පසු පොලිස් නිලධාරීන් විසින් පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාරව කඩවත පොලිසිය වෙත රැගෙන ගෙස් ඇති බව පොලිසිය පවසයි.

Leave A Reply

Your email address will not be published.

two × two =