ඊජිප්තුවට යළි ත්‍රස්ත ප්‍රහාරයක්

විදෙස් සංචාරකයින් රැගත් බස් රථයක් ඉලක්ක කරමින් ඊජිප්තුවේ කෞතුකාගාරය ආසන්නයේ පිපිරීමක් සිදුව තිබේ. පිපිරීමෙන් සංචාරකයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති.

පිපිරීමෙන් දකුණු අප්‍රිකානු සංචාරකයින් තුවාල ලබා ඇති අතර රෝහල් ගතව තිදෙනෙක් ප්‍රතිකාර ලබන බව සඳහන්. එම ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැති නමුත් එම සැකය ඉස්ලාම් අන්තවාදීන් දෙසට යොමු වී තිබේ.

පසුගිය දෙසැම්බරයේ වියට්නාම සංචාරකයන් තිදෙනෙකු සහ ඊජිප්තු සංචාරක මඟපෙන්වන්නෙකු මියගොස් තිබුණේ ඔවුන් ගමන්ගත් බස් රථයට ඉස්ලාමීය අනතවාදීන් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකිනි.

එම සිදුවීමත් ලොව පුරා සිදුවන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරත් හේතුවෙන් ඊජිප්තුවේ සිදුව ඇති පිපිරුමද ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් විය හැකි බවට සැක මතුව තිබේ.

Leave A Reply

Your email address will not be published.

five × four =