වැලිකඩ රැඳවියන් හමුවීම අමුත්තන්ට තහනම්

කොවිඩ් 19 අසාදිතයා හමුවීමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හමුවීම සඳහා අමුත්තන්ගේ පැමිණීම අද (07) සිට තාවකාලිකව නතර කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ ආසාදිත රැඳවියා, කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙකි.

කොරෝනා ආසාදිතයෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ආසාදිත රැඳවියා රඳවා සිටි ගොඩනැගිල්ලේ සිටි 174 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර ඔවුන්ගේ වාර්තා අද රාත්‍රියේ හෝ හෙට උදෑසන ලැබෙනු ඇති බව ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යට පවසයි.

Leave A Reply

Your email address will not be published.

4 − three =