රවී ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනමක්

රටම ආන්දෝලනයට පත්කළ, මැතිවරණ උඩුයටිකුරු කළ මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙහි වරෙන්තුව නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බවත්, එබැවින් තම රීට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමෙන් ඉල්ලයි. රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු ගොනු කළ පෙත්සම් විභාගයට ගන්නවාද නැත්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

එම් නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නේය.

හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක ,පර්පචුවල් ටෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝෂිස් , මහ බැංකු වේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින් ගොනු කළ රිට් පෙත්සම් හත ගොනු කර තිබුණි.

නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම් හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. අම්පාවිල, වැඩබලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න , කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා යන අය නම් කරනු ලැබ සිටිති.

Leave A Reply

Your email address will not be published.

fifteen − nine =