ටජිකිස්තානයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක ඇති වූ කැරැල්ලක් අතරතුර බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු සහ රැඳවියන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව එරට අධිකරණ අමාත්යංශය පවසයි.
ටජිකිස්තානයේ දුශාන්බේ අගනුවරට නැගෙනහිරින් පිහිටි බන්ධනාගාරයක් තුළ මෙම ගැටුම හටගෙන ඇති අතර එම බන්ධනාගාරයේ රඳවා සිට ඇත්තේ, ඉස්ලාමීය රාජ්ය සංවිධානයේ සාමාජිකයින් ඇතුළු ආගමික අන්තවාදී ක්රියාවන්ට සම්බන්ධ වැරදිකරුවන්ය.
පසුගිය මාස 6ක කාලය තුළදී ටජිකිස්තානය තුළ සිදුවූ දෙවන බන්ධනාගාර කැරැල්ල මෙය වේ.
නිවේදනයක් නිකුත් කරමින් ටජිකිස්තාන අධිකරණය අමාත්යංශය පැවසුවේ, රැඳවියන් 30 දෙනෙකු විසින් නියාමකයින් තිදෙනෙකු ප්රාණ ඇපයට ගනු ලැබීමෙන් පසු මෙම කැරැල්ල ආරම්භ වූ බවය. අදාළ රැඳවියන් පිහි සහ වෙනත් තියුණු ආයුධවලින් සන්නද්ධව සිටි බව එම නිවේදනයේ දැක්වේ.