“මේ වෙලාවේ මේ ෆිල්ම් එක පෙන්නන එක මට නම් පොලිටිකලි සිරා වැඩක්”

කුමාර තිරිමාදුර ඒ කාලේ අපේ මාඝාත ඩ්‍රාමා ගැන්ග් එකේ ෆිට් බුවෙක්. මෝදර පැත්තෙන් ආව ග්‍රැන්විල් රුද්‍රිගු එක්ක තමයි රිහර්සල් ආවේ. මඝාත ග්රූප් එකේ හිටිය ග්‍රැන්විල් වගේම ඇන්ටන් ජූඩ් අද ජීවතුන් අතර නැහැ. ඇන්ටන් ජූඩ්, ප්‍රියන්ත සෙනෙවිරත්න වගේම තිරිමාදුර ත් තමන්ගේ ඇක්ටින් කැරියර් එක ඉස්සරහට ගෙනියන්න තෝරා ගත්තේ කොමඩි ඇක්ට් වලට පන දෙන එක.

කුමාර කට්ට කාල ජීවිතේ ගොඩ දාගත්ත එකෙක්. ඒ නිසාම ජීවත් වෙන්න කට්ට කන මිනිස්සුන්ගේ හාර්ට් බීට් එක හොඳට අඳුනනවා. කොච්චර හිනා වෙලා හිටියත් ඒ මිනිස්සු වෙනුවෙන් කඳුලක් උගේ ඇස් වලට උනනවා.

ඌ පත්තරේක වැඩ කරනවා. ඒකෙ වැඩ කර කර ඉන්නකොට දවසක කුමාර ව එලියට දානවා. පත්තර ඇතුලේ වෙන මජර වැඩ ඌ දන්නවා. කුමාර, සරත් එක්ක එකතු වෙලා නිවුස් පේපර් කියලා ෆිල්ම් එකක් හදන දේශපාලනේ අපට නම් අහු වෙනවා. ෆිල්ම් එකේ තියෙන්නේ ජනමාධ්‍ය විසින් ‘සිංහල කොටි’ කියලා බොරුවට හංවඩු ගහලා විනාශ කරන අහිංසක ගැමි පවුලක ඛේදනීය ඉරණම. මම ඒ කතාව මෙතැන ලියන්නේ නැහැ. හෝල් එකට ගිහිං බලන්න. ( ෆිල්ම් කාරයෙක් හැටියට මම අනුන්ගේ ෆිල්ම් ගැන විචාර ලියන්නේ ත් නැහැ. මොකක් හරි වටිනාකමක් තියෙනවා නම් ඒක පෙන්නලා මිනිස්සුන්ව බලන්න පොළඹවනවා ඇරෙන්න. )

බන්දුල ගුණවර්ධනගේ සරණින් හරි, මොන දහං ගැටයක් ගහලා හරි මේ වෙලාවේ මේ ෆිල්ම් එක පෙන්නන එක මට නම් පොලිටිකලි සිරා වැඩක්. ආන්ඩුවේ චැනල්, පත්තර ම ෆිල්ම් එකේ පබ්ලිසිටි එකට අරන් ෆිල්ම් එක පෙන්නන එක ඊටත් වඩා උත්ප්‍රාස ජනකයි.

බොරුද කියලා ගිහිං ම බලන්න.
-අශෝක හඳගම

Leave A Reply

Your email address will not be published.

thirteen − eight =