මහින්දානන්ද විසින් කළ ප්‍රකාශයට එරෙහිව පැමිණිල්ලක්

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවා දුන්බවට හිටපු ආමාත්‍යය මහින්දානන්ද විසින් කළ ප්‍රකාශයට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අද ( 06) දින සමාජවාදී තරුණ සංගමය, save the sports සංවිධානය එක්ව ක්‍රිඩා ආමාත්‍යංශය වෙත පැමිණිල්ලක් බාර දෙන ලදී.
එම අවස්ථාවට සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, නීතිඥ සුනිල් වටගල, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ චරිත් ගලහේන, මාධ්‍යවේදී විමල් කැටපේ ආරච්චි, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්තික් අපේක්ෂක සුරේෂ් කරුණාතිලක, දිනේෂ් කුමාර්, හා ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී විය.

මේ අතර 2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරග‍ය ඉන්දියාවට පාවා දී ඇතැයි කියමින් සිදු කරන ලද සාවද්‍ය පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රීඩා පනතේ අලුත් සොංශෝධන අනුව 13 වැනි වගන්තිය යටතේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට නඩු පවරා එයට වරදකරු කොට වසර 3 කට සිරගත කළ හැකි බව නීතිවේදියෝ පසුගියදා පෙන්වා දුන්නේය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ද මහින්දානන්දට එරෙහිව නඩු පැවැවරිය හැකි ආකාරය පිළිබඳව කළ සොයා බැලීමකදී මේ බව හෙළිව ඇතැයි ක්‍රිකට් කේෂ්ත්‍ර අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා කරයි.

මේ අතර, මහින්දානන්ද විසින් ඉදිරිපත් කරන ලද තර්ක හා ලේඛන සාවද්‍ය ඒවා බව කුමාර සංගක්කාර හා අරවින්ද ද සිල්වා විසින් පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයේ දූෂන විමර්ශන ඒකකයට ලබාදුන් ප්‍රකාශ අනුව තහවුරුව ඇති බවද පැවසේ.

වසර නමයකට පසු පසුගියදා මහේල හා සංගාට මෙවැනි චෝදනාවකට මුහුණදීමට සිදුවූයේ හෝමාගම ක්‍රිකට් ක්‍රිඩාංගනයක් ඉදිකිරීමට කරන ලද සාකච්චාවේදී සුරිය වැව ක්‍රිඩාංගනයට වියදම් කල මුදල හා එයට දැනට අත්ව ඇති ඉරණම ප්‍රසිද්ධියේ විවේචනය කිරීම බවට ද ක්‍රීඩා ක්ෂේත්‍රයේ සැකයක් මතුව තිබේ.

Leave A Reply

Your email address will not be published.

5 − five =