වොලිබෝල් පුහුණු සංගමය අලුත්වෙයි

පසුගිය දා පැවැති ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයේ නිලවරණයේදී (2020-21& නව සභාපතිවරයා ලෙස සී. රත්නමුදලි තේරී පත්විය.

ඔහු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපතිවරයකු ද වේ. ඒ අතර  වෘත්තියෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ වත්මන් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කරයි.

වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයේ පසුගිය නිල කාලය අක්‍රිය තත්ත්වයෙන් පැවති බැවින්, එහි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබිණි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති රංජිත් සියඹලාපිටිය, එහි හිටපු ලේකම්වරුන් වන සුසිල් රණසිංහ හා බි්‍රගේඩියර් මහේෂ් අබේරත්න ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයේ නව අනුශාසකවරු ලෙස කටයුතු කරති. ලේකම්වරයා ලෙස පත් වූයේ වොලිබෝල් පුහුණුකරුවකු වන චාල්ස් තිලකරත්න ය.

ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයේ (2020-21) නව නිලධාරි මණ්ඩලය.

සභාපති – සී. රත්නමුදලි, ප්‍රධාන ලේකම් – චාල්ස් තිලකරත්න, භාණ්ඩාගාරික – නලින් සම්පත් අබේසිංහ, උපසභාපතිවරු – ආනන්ද වන්නිතිලක, චන්න ජයසේකර, සිසිර කුමාර වෙන්ඩකෝන්, ලලිත් ප්‍රේමලාල්, උපලේකම් – චමිලා නදී හේරත්, උපභාණ්ඩාගාරික – සමන්සිරි සෙනවිරත්න, ප්‍රධාන සංවිධායක – ජානක ඉන්ද්‍රජිත්,

විධායක කමිටුව – සුසිරි මංගල, ක්‍රිශාන්ත ජයවර්ධන, තාරක රත්නවීර, සුමේධ විමලවීර, මොරිස් චාමින්ද, මහේෂ් පෙරේරා, චමින්ද ලක්‍ෂ්මන්, සුනිල් විජේසිංහ සහ නිශාන් ඉන්දික ප්‍රනාන්දු.

Leave A Reply

Your email address will not be published.

1 + 14 =