Uber වෙතින් රියැදුරු – මඟී ආරක්ෂාව වෙනුවෙන් විසඳුමක්

මිලියන ගණනාවක ශ්‍රී ලාංකීය ජනතාවක් යළිත් සිය දෛනික කාර්යයන් ආරම්භ කිරීමට යොමු වීමේ දී, Uber Sri Lanka මඟින්, එහි රියැදුරන්ගේ සහ මඟීන්ගේ ඉහළ ම ආරක්ෂාව වෙනුවෙන් COVID-19 ආරක්ෂණ විශේෂාංග සහ ප්‍රතිපත්ති මාලාවක් අද දින එළිදක්වන බව නිවේදනය කළේය.

රියැදුරන් සහ මඟීන් සඳහා විවෘත මෙම අන්තර්ක්‍රියාකාරී Online පිරික්සුම් ලැයිස්තුව මඟින් රියැදුරන් සහ මඟීන් සඳහා අනිවාර්ය වෙස්මුහුණු පැළඳීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන අතර, රියැදුරන් සඳහා සංචාරයට පෙර ‘සෙල්ෆි’ ඡායාරූපයක් මඟින් එය සනාථ කර ගැනීම, යාවත්කාලීන කරන ලද පශ්චාත්-සංචාර ප්‍රතිපෝෂණ යාන්ත්‍රණය සහ චාරිකාවන් අවලංගු කිරීමේ ප්‍රතිපත්තිය ද ඇතුළත් වේ. මෙම නව යෙදවුම් තුළින් රියැදුරන් සහ මඟීන් හට පහත දැක්වෙන අයුරින් නව සේවාවන් රැසක් ලබා ගත හැක.

■ Online පිරික්සුම් ලැයිස්තු වෙත යාම: රියැදුරෙකු හට පළමුව Online පිරික්සුම් ලැයිස්තු වෙත ගොස්, සේවා ලබන්නන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බවත්, මුහුණු ආවරණයක් පැළඳ සිටින බවත් අසා තහවුරු කර ගනු ඇත.

■ මුහුණු ආවරණ පැළඳි බව තහවුරු කර ගැනීම: රියැදුරන් විසින් චාරිකාවක් ලබා ගැනීමට පෙර වෙස්මුහුණ සහිතව සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ඇත. තවද Uber හි නව තාක්ෂණය මඟින් රියැදුරු වෙස්මුහුණක් පැළඳ සිටින බව තහවුරු කරනු ඇත.

■ සැමට වගවීම: රියැදුරකු හෝ මඟියකු වෙස්මුහුණක් හෝ මුහුණු ආවරණයක් පැළඳ නොසිටින්නේ නම්, ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ නව අංගයක් ද එක් කර ඇත.

■ යාවත්කාලීන කරනු ලැබූවන් අවලංගු කිරීමේ ප්‍රතිපත්තිය: වෙස්මුහුණක් හෝ මුහුණ ආවරණයක් පැළඳ නොසිටීම වැනි අනාරක්ෂිත හේතූන් මත රියැදුරා සහ මඟියා හට ආරක්ෂිත බවක් නොදැනෙන්නේ නම් සංචාරය අවලංගු කළ හැකිය.

■ නව ආසන සීමාවන් : ඹඉැර සංචාරය තුළ රියදුරු සහ මඟියා අතර පරතරයක් ඇති කිරීම සඳහා, අප මඟීන්හට පසුපස අසුනේ හිඳ ගැනීමට උපදෙස් දෙන්නෙමු. එමෙන්ම රියදුරු සමඟ මඟීන් දෙදෙනකුට පමණක් ගමන් කිරීමට අවසර ලැබේ.

■ රියැදුරන් සහ මඟීන් වෙත සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳව දැනුම්වත් කිරීම, ගෝලීය සහ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින්, අප ආරක්ෂාව හා සම්බන්ධ සියලු තොරතුරු සහ නිර්දේශයන් සකසා ඇති අතර, ඒවා සියලුම රියැදුරන් සහ මඟීන් වෙත යවනු ලැබේ.

Leave A Reply

Your email address will not be published.

four × five =