ඉන්දියාවට ගංවතුරෙනුත් පීඩා

පසුගිය දිනවල ඇතිවූ මෝසම් වැසි හේතුවෙන් ඇසෑම්හි ඇතිව තිබෙන ගංවතුර තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව මිලියනයකට අධික පිරිසක් අවතැන්ව සිටී. බංගලාදේශය දෙසට ගලා බසින ලොව විශාලතම ගංගා වලින් එකක් වන බ්‍රහ්මපුත්‍ර ගංගාව පිටාර ගැලීමෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන අතර, ගම්මාන දෙදහසකට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත. මේ නිසා ඉන්දියාවේ දරුණු ලෙස කොරෝනා වයිරසය හේතුවෙන් ක්‍රියාත්මක වන තාවකාලික සහන කඳවුරු වල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමද අභියෝගයක් වී තිබේ. ඇසෑම්හි මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයන් 7,492 ක් සහ මරණ 11 ක් වාර්තා වේ.

ඉදිරි දින කිහිපයේ වර්ෂාව තවත් වැඩි වන බවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙන අතර දුර්ලභ එක් අං රයිනෝ වාසස්ථානයක් වන කසිරංගා ජාතික වනෝද්‍යානයේ වැඩි කොටසක් ද මේ වන විට ජලයෙන් යටවී ඇත. තේ වගාවන් සඳහා ප්‍රසිද්ධ ඇසෑම් ප්‍රාන්තයේ විශාල ප්‍රදේශයක් සෑම වසරකම මෝසම් ගංවතුරට ගොදුරු වන අතර ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන ගණනක් වැය කිරීමට ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයන්ට සිදුව තිබේ.

බිනෝලි සපුතන්ත්‍රි

 

Leave A Reply

Your email address will not be published.

thirteen − 7 =