ජනාධිපතිවරණය-මහ මැතිවරණය දිනන්න එජාපයෙන් වෙබ් අඩවි 20ක්

79

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඉලක්ක කර එක්සත් ජාතික පක්ෂය විසින් වෙබ් අඩවි 20ක් පමණ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව අනාරවණය වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මතවාදයට සමපාත දේශපාලන මතවාදයක් දරන දේශපාලන දැනුම සහිත විශේෂ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට හැකියාව ඇති පුද්ගලයන් පිරිසක් එම වෙබ් අඩවිවල ප‍්‍රධානීන් ලෙස තෝරා ගැනීමට තීරණය කර ඇත. ඉදිරි මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂයට පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීම සහ ජනතා කැමැත්ත වැඩි වශයෙන් දිනා ගැනීමට මෙම නව වෙබ් අඩවිවලින් බලාපොරොත්තු වෙයි.

මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සංවිධානයක් විසින් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් වෙන් කර ඇති බව ද හෙළි වී තිබේ.

Previous articleපසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පිලිබඳව සෞදි රජය දැන සිටි බව හෙළිවේ
Next articleඑජාප මන්ත‍්‍රීන් 46කට මසකට ලක්‍ෂ 02 බැගින් ගෙවන්න කැබිනට් අනුමැතිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here