NDB අරලිය වෙතින් රූපලාවන්‍ය ශිල්පීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර රැසක්

පසුගිය මාස කිහිපය තුළ COVID-19 වසංගතය, ලොව පුරා දැඩි දුෂ්කර තත්ත්වයන් ඇති කිරීමට වූ අතර, එය ලොව පුරා භීතියක් ඇති කර ඇතිවා පමණක් නොව අප රට තුළ බොහෝ දෙනකුගේ ජීවිත අනපේක්ෂිත ලෙස නතර කර ඇත්තේ ඔවුනගේ දෛනික ක්‍රියාකාරකම්වලට බාධා පමුණුවමිනි. බොහෝ කර්මාන්ත COVID-19 වසංගතය නිසා පීඩාවට ලක් විය. සමහර කර්මාන්ත අනෙක් ඒවාට වඩා පීඩාවට පත් විය. වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස පසුබෑමකට ලක් වූ එවැනි එක් කර්මාන්තයක් වූයේ රූපලාවන්‍ය කර්මාන්තයයි, එහි දී සමහර කාන්තාවන්ට ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය නවතා දැමීමට හෝ තාවකාලිකව නතර කිරීමට හෝ සිදු විය.

මෙම තත්ත්වය වටහා ගනිමින්, භෘඊ බැංකුව විසින් ‘NDB අරලිය සෙවණ’ යටතේ රූපලාවන්‍ය ශිල්පීන්ගේ රූපලාවන්‍යාගාර ව්‍යාපාර නැවත ගොඩනැඟීම සඳහා ආධාර කිරීමක් වශයෙන් සුවිශේෂී ව්‍යාපාරික ණයක් සහිත වැඩසටහනකට මුලපුරා ඇත. රූපලාවන්‍ය ශිල්පීන් මුහුණ දෙන බොහෝ ගැටලු විසඳීම සඳහා කාලෝචිත අවශ්‍යතාවක් ලෙස කාරක ප්‍රාග්ධන අවශ්‍යතා මත පදනම්ව මෙම ණය මුදල ලබා දෙනු ලැබේ. අවම වශයෙන් අවුරුදු දෙකක කාලයක් පුරා පවත්වාගෙන යනු ලබන ලියාපදිංචි ව්‍යාපාරයක් ඇති වයස අවුරුදු 18ත් 55ත් අතර ඕනෑම රූපලාවන්‍ය ශිල්පියකු මෙම ණය මුදල සඳහා සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට, COVID-19 වසංගතයෙන් ඇති වන බලපෑම් මඟහරවා ගැනීමට සහාය වීමට බැංකුව විසින් දැඩි පියවර ගෙන තිබේ. 2020 ජුලි සිට දෙසැම්බර් දක්වා සියලුම භෘඊ කාන්තා ව්‍යවසායිකාවන්ට Daraz සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් භුක්ති විඳිය හැකි ය. මීට අමතරව ඔවුනට ‘අරලිය සෙවණ’ යටතේ පවතින බැංකු පහසුකම් කිහිපයක් ම භුක්ති විඳිය හැකි ය. ඒවා නම්, ‘අරලිය ව්‍යාපාර ණය’ (ප්‍රාග්ධන වියදම්, කාරක ප්‍රාග්ධනය සහ එදිනෙදා මෙහෙයුම් වියදම් සඳහා), ‘අරලිය ක්‍රෙඩිට් කාඞ්’, ‘අරලිය ජංගම ගිණුම’, ‘අරලිය ඉතුරුම් ගිණුම’, ‘අරලිය ඩෙබිට් කාඞ්’, කාරක ප්‍රාග්ධන පහසුකම් (බැංකුවේ පවත්නා ණය නිර්ණායකයන්ට යටත්ව), වරණීය පොලී අනුපාත, රක්ෂණ යෝජනා ක්‍රම (ජීවිතාරක්ෂණ ආවරණය සහ රෝහල්ගත වීමේ දී ප්‍රතිලාභ) මෙන්ම මූල්‍යමය නොවන ‘අරලිය සෙවණ’ යටතේ ලබා දෙන සේවාවන්ය.

මීට අමතරව මෙම කාන්තා ව්‍යවසායිකාවන්ට ‘අරලිය දැනුම’ බෙදා ගැනීමේ සංසදවලට, ‘අරලිය උපදේශන හා ජාලකරණ සැසි’, තෙවන පාර්ශ්වීය උපදේශන මෙන් ම කුඩා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂ සහතික කිරීමේ වැඩසටහන්වලට ප්‍රවේශ වී සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව ඇත.

Leave A Reply

Your email address will not be published.

one + thirteen =