චක්‍රලේඛ බිඳ වන අරණ සිඳින හැටි

2050 වන තෙක් දියත් කරමින් යන ජාතික භෞතික සැලසුමට සහ MCC ගිවිසුම කි‍්‍රයාත්මක කිරීම උදෙසා ඉඩම් නිදහස් කරගැනීම වෙනුවෙන් රජයේ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබූ 05/2001 චක‍්‍රලේඛය අහෝසි කිරීමට රජය උත්සාහ කරමින් සිටී.

මෙම චක‍්‍රලේඛයේ ඉතාමත් වැදගත් සඳහන වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවන කැලෑ ඉඩම් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවශ්‍යතාව මත නිදහස් කිරීමට අවසරයක් ඉන් නොතිබීමය. කැලෑ ඉඩම් ව්‍යාපෘති සඳහා නිදහස් කිරීම සිදුකරනවානම්, ඒ සඳහා ව්‍යාපෘති යෝජනාව පරිසර අමාත්‍යාංශ ලේකම්ගෙන යුත් අන්තර් අමාත්‍යාංශ කමිටුවකට ඉදිරිපත් කර ඒ සඳහා අවසර ලබාගත යුතුව ඇත. මේ නිසාම දේශපාලනඥයන් ඒ ඒ ප‍්‍රදේශවල සිදු කිරීමට නියමිතව තිබූ ඉඩම් කොල්ලයන් යම් තරමක් දුරකට නැවතී තිබුණේ මෙම චක‍්‍රලේඛය නිසාය.

2050 වසර වන විට ලංකාව ලෝකයේ නාවික මධ්‍යස්ථානයක්, ගුවන් මධ්‍යස්ථානයක්, ආර්ථික මධ්‍යස්ථානයක්, බලශක්ති මධ්‍යස්ථානයක් හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් කිරීම සදහා සැලසුම් කි‍්‍රයාත්මක වන බව ජාතික භෞතික සැලසුම හා කි‍්‍රයාත්මකවීමට යන MCC  වැනි ගිවිසුම් හරහා මනාව පැහැදිලි වේ. මෙහිදී විශේෂයෙන්ම ලංකාව 2005 ජූලි 4 දින ඉන්දියාව, චීනය, ඇතුළු රටවල් 36ක් සමග ගිවිසගත් ආකාරයට ලංකාවේ අධිවේගී මාර්ග ජාලයක් සාදා නිමකොට ආසියානු අධිවේගී මාර්ග ජාලය හා එකතු කිරීමට ගිවිසුම්වලට පැමිණ ඇත.

එම ගිවිසුම අනුව මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගය, නුවර – කොළඹ අධිවේගී මාර්ගය, මන්නාරම – හම්බන්තොට අධිවේගී මාර්ගය, හම්බන්තොට – අම්පාර අධිවේගී මාර්ගය ලෙස අධිවේගී මාර්ග ඉදිවෙන අතර, එය අවසානයේ මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා සාදා නිම කොට ආසියනු අධිවේගී මාර්ග ජාලයට එක් කරනු ලබයි. මෙම අධිවේගී මාර්ග ජාලයට අමතරව රට තුළ නගර අතර අධිවේගී මාර්ග ජාලයක් ඉදිවේ. මේවා ඉදිවන්නේ තෙත් භූමි හෝ ආරක්ෂිත භූමි වනසමින් ඒවා මත ටොන් ගණන් වැලි අතුරා, ඒවා මත මාර්ග තැනීමෙනි.

මෙයට අමතරව ලංකාව පුරාම දුම්රිය මාර්ග ජාලයක් ඉදිවෙන අතර, එයද මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ආදම්ගේ පාලම ඔස්සේ  සම්බන්ධ කරනු ලබයි. මෙම සෑම මාර්ගයකම ගමන් කිරීම ස`දහා අයකරන මුදල එම මාර්ග නිර්මාණය කළ සමාගම් වෙත ලබාදෙන අතර, ඇතැම් මාර්ගවල ආදායම වසර විස්සක් යනතෙක්ම එම සමාගම් වෙත ලබාදිය යුතුය.

පලාලි, ත‍්‍රිකුණාමලය, පුත්තලම, මඩකලපුව, කඵතර, අම්පාර, වව්නියා, අනුරාධපුර, ගාල්ල, රත්මලාන යන ගුවන්තොටුපොළවල් වැඩිදියුණු කරන අතර, 2013 වසරේ සිට මහනුවර, නුවරඑළිය, දඹුල්ල යන ස්ථානවල අලූතින් ගුවන්තොටුපොළවල් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2050 අවසාන වන විට ලංකාවේ මුඵ ගුවන්තොටුපොළවල් සංඛ්‍යාව 19කි.

මන්නාරම හා ප‍්‍රධාන ගොවිබිම් මුල්කර ගනිමින් ලංකාව පුරා මහ නගර කලාප, විශේෂ නගර, දිස්ත‍්‍රික් අගනගර ලෙස නගර නිර්මාණය කරන අතර, මේවා ගොවිතැන මුල්කරගත් නගර නොව කාර්මික නගර, ආයෝජන කලාප, තොරතුරු තාක්ෂණ කලාප සහිත වාණිජ ප‍්‍රදේශයන්ය. ගම්පහ සිට ක`ඵතර දක්වාත්, මාතර, හම්බන්තොට, තණමල්විල අතර ප‍්‍රදේශ මහානගර කලාප වන අතර, අම්පාරේ සිට මඩකලපුව දක්වා නැගෙනහිර මහා නගර කලාපයත්, ත‍්‍රිකුණාමලය, පොළොන්නරුව, දඹුල්ල, අනුරාධපුර, ප‍්‍රදේශය උතුරු මැද මහානගර කලාපය ලෙසත්, මන්නාරම, කිලිනොච්චිය සිට පේදුරුතුඩුව දක්වා ප‍්‍රදේශය යාපනය මහ නගර කලාපය ලෙසත් ඉහතකී පරිදි පරිවර්තනය කිරීම ආරම්භ කර ඇත.
2011-2050 දක්වා කි‍්‍රයාත්මක කිරීමට නියමිත ජාතික භෞතික සැලැසුම නිසා මෙතෙක් ආරක්ෂිතව පැවැති පරිසර පද්ධති රැසක් තවදුරටත් එලෙස නොපවතින අතර, මහා නගර කලාප, අධිවේගී මාර්ග හා ස්ථාපිත වීමට නියමිත තාප හා න්‍යෂ්ටික බලාගාර ඇතුළු විදුලි බලාගාර හා ආර්ථික භෝග වගාවන් නිසාත්, ඇමෙරිකාව, චීනය හා ඉන්දියාව ඇතුළු රටවලට හා බහුජාතික සමාගම්වලට විශාල වශයෙන් කැලෑ ඉඩම් ලබාදීම නිසාත් ස්වාභාවික පරිසරය දැවැන්ත හානියකට පත්වෙනු ඇත.

2019 වසරේ සිංහරාජයේ කුඩව ප‍්‍රදේශයේ ලෝක බැංකු ආධාර මත මාර්ග ඉදිකිරීම ආරම්භ කළ අතර, ලෝක උරුම යුනෙස්කෝ සංවිධානය විසින්ද මේ පිළිබඳ විමර්ශනයක් කරන ලද අතර, රක්ෂිත වනාන්තර ගණනාවක් මෙම සැලසුම මත විනාශ කර දමන ලදී.

එමෙන්ම උඩවලව ජාතික වනෝද්‍යානය, වැටහිර කන්ද, ලූණුගම්වෙහෙර, මදුනාගල, වීරවිල, නිමලව, බුන්දල, උස්සන්ගොඩ, කතරගම, කටගමුව, රුහුණු යාල, සාගම, බුද්ධංගල, උල්පස්ස, එගොඩයාය, මහකනදරාව, අනුරාධපුර, මිහින්තලේ, රිටිගල, කහල්ල, පල්ලේකැලේ, සීගිරිය, මින්නේරිය, ගිරිතලේ, ඇළහැර, බකමූණ, කවුඩුල්ල, සෝමාවතිය, නෙවල් හෙඩිවර්ක්, චුණ්ඩිකුලම්, විල්පත්තු, යෝධවැව, චෙන්කලඩි, මඩු රක්ෂිතය, මුතුරාජවෙල, කලමැටිය, පෙරියකච්චි වැනි ජාතික වනෝද්‍යාන, ස්වාභාවික රක්ෂිත, දැඩි ස්වාභාවික රක්ෂිත, අභයභූමි යන වනාන්තර අධිවේගී මාර්ග ඉදිවීම නිසා හායනය වීම සිදුවේ. එමෙන්ම බිබිල, නිල්ගල හා්ටල් ව්‍යපෘතියක් හා සංචාරක කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම නිසාත් සැලැකිය යුතු විනාශයක් සිදුවේ. මෙයට අමතරව ඵක්‍ක්‍ ගිවිසුමට අදාළව ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සඳහා 5/2001 චක‍්‍රලේඛය අහෝසි කර අවශේෂ වනාන්තර ලබා ගැනීම වෙනුවෙන් රජය මේ වන විට කටයුතු කරමින් සිටී.

2011-2050 ජාතික භෞතික සැලැස්ම කි‍්‍රයාත්මකවීම තුළ විනාශ වන වනාන්තර ප‍්‍රතිශතය 2012 වනවිට 16%ක්ව තිබෙන වනාන්තර ප‍්‍රතිශතය 2050 දක්වා සිදුවීමට නියමිත වන විනාශය සම`ග 10%ක් දක්වා අඩුවනු ඇති බවට ඉඟි පළ වෙමින් තිබේ.
2011 වර්ෂයේ Dole සහ CIC සමාගම් සඳහා අක්කර 65,600ක ඉඩම් ප‍්‍රමාණයක් ලබාදුන් අතර, ඒ යෝජිත රක්ෂිත අභය භූමි ඇතුළු ප‍්‍රදේශවලිනි. තේ, පොල්, රබර්, කුඹුරු සඳහාත් නගර නිර්මාණය හා ගොඩනැඟිලි සඳහාත්, මිනිස් ජනාවාස හා ආර්ථික භෝග සඳහාත් යනාදී වශයෙන් සියලූ ඉඩම් භාවිතයන් ගතහොත් දැනට ප‍්‍රතිශතයක් ලෙස මුළු භූමි ප‍්‍රමාණය වන වර්ග කි.මී. 65,525න් සියයට 83.5ක් දැනට භාවිතයට ගෙන ඇති අතර, ඉතිරිවී ඇත්තේ සියයට 16.5ක වනාන්තර ප‍්‍රතිශතයකි.

දැනටමත් ලංකාව ලෝකයේ ජෛව විවිධත්වය විනාශවී යන ‘උණුසුම් කලාප’ 34න් එකක් බව හඳනාගෙන ඇත. මෙලෙස සිදුවන දැවැන්ත පරිසර හානිය නිසා ඉතිරිවන 13%-10% වනාන්තර ප‍්‍රතිශතය තුළ භූගත ජල මට්ටම පහළ බසින අතර, දැනටමත් මළ ගංගාවක් බවට පත්ව ඇති ‘මඟුරු ඔය’ ඇතුළු ගංගා 103න් සැලැකිය යුතු ගංගා ප‍්‍රමාණයක් මේ අනුව ‘මළ ගංගා’ බවට පත්වීමේ අවදානමක් පවතී.

භූමි කළමනාකරණයේ ගැටලූකාරී ස්වභාවය නිසා කුඩා වැව් විශාල සංඛ්‍යාවක් විනාශවී යන අතර, එල්ලංගා පද්ධති තැනින්
තැනට අවහිරවීම නිසා ජලවහන රටාව වඩා වෙනස් ස්වරූපයක් ගැනීමටත්, නියං හා ගංවතුර ආපදා තත්ත්වයන් ඉහළ යාමටත් මෙය හේතුවක් වේ.

2009 වර්ෂයේ ගෙනෙන ලද ජාතික අලි කළමනාකරණ ප‍්‍රඥප්තිය මඟින් අවතැන් වන අලි ඇතුන් 50 කි.මී. වනාන්තර කුටිවලට කොටු කරනු ලබන අතර, වැටවල් කඩාගෙන පිටතට එන අලි ඇතුන් කලහකාරී අලි ඇතුන් ලෙස සලකා පෞද්ගලික අයිතියට පැවරීමට මේ වන විට සැලසුම් සකස් කොට ඇත.

ජාතික භෞතික සැලැස්මේ විනාශකාරී සංවර්ධනය සදහා මුදල් ආධාර දෙනු ලබන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතනයන්ය. ජෝන් පර්කින්ස්(J‍ohn Perkins) යනු ලෝක බැංකුව යටතේ අනෙකුත් රටවලට සංවර්ධනය ගෙන ගිය පුද්ගලයෙකි. ඔහුගේ ‘ආර්ථික ඝාතකයකුගේ පාපෝච්චාරණය’(Confession of an Economic Hit Man) කෘතියට අනුව ඇමෙරිකාව ඇතුළු රටවල් දැවැන්ත සංවර්ධනය පිළිබඳ තිබූ විශ්වාසය නිසා හා ඒවා එකින් එක අසාර්ථක වන විට තමන්ගේ
ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා වෙනත් රාජ්‍යවල නායකයන්ට දැවැන්ත සංවර්ධනය පිළිබ
ද චිත‍්‍ර මවා එම සංවර්ධනය ම`ගින් ආර්ථික ඉලක්ක ළඟා කරගන්නා ආකාරය හා ඒ අනුව එවැනි සිහින රාජ්‍යයන්ට සිදුවූ දෙය ඔහු විසින් පෙන්වනු ලබයි. ලංකාවට අදාළව ජාතික භෞතික සැලැස්ම මෙන්ම ඒ තුළ කි‍්‍රයාත්මක වන ඇමෙරිකාවේ ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ (MCC) විසින් ඉල්ලා සිටින කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා නිර්මාණය කරන ආර්ථික කොරිඩෝව දිස්ත‍්‍රික්ක හතක් දක්වා කි‍්‍රයාත්මක වන අතර, එම ප‍්‍රදේශයේ ඇති දැනට ඉතිරිවී ඇති කැලෑ ඉඩම් හා ජනතාවට අයත් ඉඩම් විකිණීම බහුජාතික සමාගම්වලට ඇමෙරිකාව හරහා විකිණීමේ සැලසුමද එකකි.

පරිසරවේදීන්, පරිසර සංවිධාන, හා සිවිල් සංවිධාන ඇතුළුව පොදු ජනතාවද මෙය වඩා ගැඹුරින් තව තවත් අවබෝධ කරගත යුතුය. මෙහිදී ‘සත්‍යය පරිසර සංරක්ෂණය’ යනු තවදුරටත් තැන් තැන්වලින් කලින් කලට මතුවන පරිසර ප‍්‍රශ්නවලට පමණක් විටින් විට විස`දුම් සොයමින් පරිසර සංරක්ෂණය හෝ මහ පොළොව ආරක්ෂා කරගැනීම නොවන බව වටහාගැනීමට කාලය පැමිණ ඇත. අඩුම තරමේ තැන් තැන්වල මතුවන පරිසර ප‍්‍රශ්නය කි‍්‍රයාත්මක කරන මහා සැලසුමට සියලූ දෙනාම අභියෝග කළ යුතුය.
-රවින්ද්‍ර කාරියවසම්

Leave A Reply

Your email address will not be published.

three × five =