මියැන්මාරයේ මැණික් පතලේ නාය යාමෙන් කමිකරුවෝ 162 ක් මිය යති

උපායමාර්ගික විශාලතම හා වඩාත්ම ලාභදායී ජේඩ් පතල් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වන මියන්මාරයේ ‘හපකන්ත්’ හි නායයෑමෙන් මළ සිරුරු 162 ක් සොයාගෙන ඇති බව සිදුවීමෙන් පැය 12 කට පමණ පසු බේරා ගැනීමේ හා වෙනත් හදිසි සේවා සම්බන්ධීකරණය කරන මියන්මාර ගිනි සේවා දෙපාර්තමේන්තුව පවසා සිටී.
මියන්මාරයේ ජේඩ් කර්මාන්තය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තක්සේරුවට අනුව එය 2014 දී ඇ. ඩොලර් බිලියන 31 ක් පමණ උපයා ඇත. හපකන්ත් යනු මියන්මාරයේ විශාලතම නගරය වන ‘යාන්ගොන්’ සිට කිලෝමීටර් 950 ක් උතුරින් පිහිටි කචින් ප්‍රාන්තයේ රළු හා අතිශය දුෂ්කර ප්‍රදේශයකි. බ්‍රහස්පතින්දා චීනයේ දේශ සීමාව අසල පිහිටි මෙම මැණික් පතල අධික මෝසම් වැසි හේතුවෙන් කඳු බෑවුමක් කඩා වැටීමෙන් ඇහිරී ගියේය. දුප්පත් සංක්‍රමණික කම්කරුවන් විසින් දිනපතා මෙම අන්තරායකාරී පතලේ මෑණික් සොයත්. කිසිදු ආරක්ෂවක් නොමැතිව ඔවුහු සිය ජීවිතය පරදුවට තබත්.
මියන්මාර නායක අවුන් සාන් සූ කී සිකුරාදා මෙම ඛේදවාචකය පිළිබඳව කණගාටුව පළ කරමින් රැකියා විරහිතභාවයට දොස් පැවරීය.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සජීවී විකාශනයකට එක්වෙමින් ඇය අවිධිමත් හා අනාරක්ෂිත ලෙස සේවය කල සංක්‍රමණිකයන් මැණික් ගල් වෙනුවෙන් ගිලිහී යාම ගැන දුක් වූවාය.
කෙසේ වෙතත්, එවැනි අනතුරු සඳහා අනීතිමය පතල් ක්‍රියාකරුවන්ට එරෙහිව රජය විසින් ආරක්ෂක පියවරයන් නොතකා හැරීම ගැන ඇය වගකිය යුතු බව විචාරකයින් පැවසීය. Environmental watchdog Global Witness නැමති පාරිසරික ආයතනය පවසා තිබුනේ “රජයට නොසැලකිලිමත් හා වගකීම් විරහිත පතල් කැණීම් මැඩපැවැත්වීමට අපොහොසත් වීම පිළිබඳ නින්දිත චෝදනාවෙන් කිසිවිටෙක ගැලවිය නොහැකි බවය..එකී සංවිධානය බ්‍රහස්පතින්දා ලන්ඩන් නුවර පිහිටි සිය කාර්යාලයෙන් නිවෙිදනයක් නිකුත් කරමින් චෝදනා කළේ මියන්මාරයේ ජේඩ් පතල් ක්‍ෂේත්‍රය “බලගතු මිලිටරිh හා සම්බන්ධිත සමාගම්, සන්නද්ධ කණ්ඩායම් සහ රජයේ හිතවතුන් විසින් වසර ගණනාවක් තිස්සේ පලදායී සමාජ හා පාරිසරික පාලනයකින් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ දී ඇති” බවයි

මියගිය අයගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පැතිර යත්ම, ෆේස්බුක් භාවිතා කරන්නන් නිවසේ සිට සැතපුම් සිය ගණනක් ඈත ගොස් සිටි කම්කරුවන් හඳුනා ගැනීමට පටන් ගත් අතර, මිතුරන්ට සහ පවුලේ සාමාජිකයින්ට උපහාර දැක්වීය.
සමහර ඈත පලාත්වල දූ පුතුන් තම පියා හෝ සොහොයුරා මිය ගිය බව දන්නේ ෆේස් බුක් ඔස්සේ ලැබෙන මිය ගිය වුන්ගේ තොරතුරුවලිනි..ෆේස් බුක් පිටුවක එක් දියණියක් සටහන් කර තිබුනේ ‘ හදවත බිදෙමින් තිබෙි කරුණාකර‘ මගේ පියා නැවත ගෙනත් දෙන්න ‘‘ යනුවෙනි.
සෑම වසරකම බොහෝ පතල් කම්කරුවෝ අස්ථායී, අධික ලෙස කැණීම් කළ කඳුකර ප්‍රදේශවල නායයෑම් හා වෙනත් අනතුරු වලින් මිය යති. ඔවුන් බොහෝ විට දුප්පත් ජනවාර්ගික සුළුතර ප්‍රජාවන්ට අයත් අයයි. 2015 කඩාවැටීමකින් පුද්ගලයින් 100 ක් පමණ මිය ගියහ. තවත් 50 දෙනෙක් 2019 දී මිය ගියහ. මෙවර මරණ 162 කි. එහෙත් ඔවුහු හෙටත් සිය ඡීවිතය පරදු තබති. ඉරණම එය දුප්පත් මිනිසා වෙත ලබා දුන් නියත උරුමයක් වැන්න
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද මෙම මරණ පිළිබඳව දැඩි කණගාටුව ප්‍රකාශ කළ අතර විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ මියන්මාරයේ රජයට සහ ජනතාවට සිය ශෝකය ප්‍රකාශ කළේය.”පීඩාවට පත් ජනගහනයේ අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩ වෑයමක් දැරීමට එක්සත් ජාතීන්ගේ සූදානම” යැයි ගුටරෙස් පවසා තිබිණි.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

one × 3 =