අද එන්ඩ එපා කිව්වත් මහේල කොමිසමට ඇවිත්

හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනට අද දින ක්‍රීඩා වැරදි වැලැක්වීමේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මුලින් දන්වා තිබුණ ද හදිසියේම ඊයේ රාත්‍රී 11.30 ට පමණ අද දින ඊට සහභාගි නොවන ලෙස එම කොමිසම විසින්ම මහේලට දන්වා ඇත. එහෙත් එම දැනුම් දීම පිලි නොගනිමින් මහේල ජයවර්ධන අද කොමිසම වෙත පැමිණියේය. ඉන් පිටව යන අතර මාධ්‍ය අමතමින් මහේල පැවසුවේ, ඇතැම් මාධ්‍ය වළ තමා අද පැමිණීමට නොහැකි බව දන්වා කොමිසමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවට වාර්තා කර තිබුණු බවත් එය සම්පුර්ණ අසත්‍යක් බව ඔප්පු කිරීමට අද තමා කොමිසමට පැමිණි බවත් පැවසිය.

මෙලෙස මහේල අද කොමිසමට පැමිණිය නොහැකි බවට අසත්‍ය පුවත පල කර ඇත්තේ මෙරට මාධ්‍ය හිමිකාරී ප්‍රධාන ආයතනයක වෙබ් මාධ්‍යක් විසිනි.

ඇතැමුන් පවසන්නේ මෙම අසත්‍ය පුවත ව්‍යාපාර තරගකාරයකුගේ කීර්තිය හිතාමතා පළුදු කිරීමේ අදහසින් ගොතන ලද ප්‍රවෘත්තියක් බවයි.

2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී ඉන්දියාව හමුවේ තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය” මෙම පරීක්ෂණ සිදුකරමින් තිබේ.

Leave A Reply

Your email address will not be published.

eight − 6 =