“2011 මැච් එක වික්කෙ රාජ්‍ය තාන්ත්‍රිකව අදත් ඒකම කළා” -සොයිසා

“එදත්(2011) මේ මැච් එක පාවල දුන්නෙ රාජ්‍ය තාන්ත්‍රිකව මම ඒක බය නැතුව කියනවා. අදත් ICC සභාපති පුටුවට ඒකම කළා” යැයි හිටපු මන්ත්‍රී සමඟි ජනබලවේගයේ අපේක්‍ෂක විජිත් විජයමුණි සොයිසා ඊයේ (02) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අදහස් පළ කළේය.
මේක සහගහන අපරාධයක් මොකද ICC එකේ චර්මන් කමට සංගක්කාරගේ නම යෝජනා වෙන්න තියන වෙලාවෙ අපරාධයක් කළේ. අපිට කීර්තිමත් දේශපාලකයෝ නෑ ඒත් කීර්තිමත් ක්‍රීඩකයෝ ඉන්නවා. එවැනි කීර්තියක් තියෙන ක්‍රීඩකයකුගේ කළු පැල්ලම් තියන්න හදනවනම් පුද්ගලයෙක් හෝ දේශපාලන කණ්ඩායමක් අපි ඒක දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.”
“එදත් මේ මැච් එක පාවල දුන්නෙ රාජ්‍ය තාන්ත්‍රිකව මම ඒක බය නැතුව කියනවා. මමත් එදා මැච් එක බලන්න ගියා ඒත් මට ඒක එච්චර ඇල්ලුවෙ නෑ. වැඩි දෙයක් ඕනේ නෑ මහින්දානන්දල මැච් එක දවසට කලින් දවසේ හිටියේ කොහෙද කියල අහන්නකෝ. මට මතක විදිහට නේපාලයේ. මොකටද නෙපාලේ ගියේ.”

“උදිත ලොකුබණ්ඩාර, මහින්දානන්ද, නාමලුයි එකට හිටියේ. මම එතනදීම ඇහුව උඹ මචන් මැච් එක විකුනලද ආවෙ කියල. සිංහලෙන්ම කියනවා නම් කතාව ඔච්චරයි. පිස්සුද විජිත් අයියා කියල කිව්වා. මේක රාජ්‍ය තාන්ත්‍රික මැච් විකිණීමක්. මේකට අහිංසක ක්‍රීඩකයෝ අල්ලගන්න හොඳ නෑ.
අද සංගට මේ බොම්බේ දාන්නෙ ICC එකේ සභාපති කමට විදින්න. මේකත් ඉන්දියානු පන්නයේ රාජ්‍ය තාන්ත්‍රික කොන්තරාත්තුවක්. නැත්තන් මූ නිදිකුම්බරයා වගේ අවුරුදු නාමයක් නිදාගෙන ඉඳලා හීනෙන් දොඩවනවා වගේ දොඩවන්නෙ මොකද?”.

“එදා ඔය මැච් එකෙන් පස්සේ ඉන්දියාවේ මහා මැතිවරණය. මොකද ඉන්දියාව අපට යුද්දේ දී සපෝර්ට් කළා. එදා මැච් එක පැරදුනා නම් මහා මැතිවරණය පරදිනවා ඉන්දීය රජය.ඕක තමයි රහස. ඒක උනේ රාජ්‍ය තාන්ත්‍රිකව. මේකෙදි ක්‍රීඩකයෝ අසරණයි.”

Leave A Reply

Your email address will not be published.

ten + three =