සංගා පැත්තකින් තියල පුන්චි මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ ආපහු ඇඟට ගමු..

සංගක්කාරගෙ ප්‍රශ්නෙ ක්‍රිකට් ලෝලීන්ට හා සංගගෙ පෑන්ස්ලට හිත් වේදානාවට කාරනයක් වෙන්ට පුළුවන්.
නමුත් වමේ අපි ඒක දිහා බලන්ට ඕන ඊට වඩා වෙනස් දේශපාලන ඇහැකින්.
මොකද කොරෝනාවෙන් පස්සෙ ඇතිවෙලා තියෙන ආර්තික අර්බුදය නිසා සංගලට වගේ කෝටිගනන් වටින වාහන නැති, සල්ලිත් නැති පුන්චි මිනිස්සු දාහස් ගානක් රැකියාවලින් එලියට විසිවෙනව.
කොම්පැනි අයිතිකාරයො තවත් ශ්‍රමිකයො කොටසකගෙ සොච්චම් පඩිය කප්පාදු කරන්ට හදනව.
තීවීල් එකක් දුවල එදාවේල ගැටගහගත්ත ත්‍රීරෝද සහෝදරයන්ගේ ත්‍රීවීල් ලීසිං කාරයො කොල්ලකාගෙන අරංයනව.
හාල් පරිප්පු වලට බදු ගහල ඒවගෙ මිල අහස උසට ගිහින්.
ගෙදර පොඩි එවුන්ට තුන්වේල කන්ට දෙන එක උබතෝකෝටිකයක් වෙලා.
තවත් කොටසක් ලයිට් බිල වතුර බිල ගෙවාගන්ට බැරි අර්බුදයක.
අන්න ඒ හින්දා දැන් සංගා පැත්තකින් තියල පුන්චි මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙ ආපහු ඇඟට ගමු…
-ප්‍රියශාන්ත රාජපක්ෂ

Leave A Reply

Your email address will not be published.

fourteen − thirteen =