“පස්චාත් සංස්කෘතික ගෙදරවට සිතියම”

  • ලස්සන, කැත, උස, මිටි, ගඳ, සුවඳ වගේ විශේෂණ නැති වුනාම නාම පද පුදුම විදියට සැහැල්ලුයි.

  • නාම පද අයින් කලාම විශේෂණ අසරණ වෙන හැටි බලන්න ලස්සනයි

  • ක්‍රියා පද නැති වුනාම ජීවිතේ කිසිම බරක් නැහැ

ලියනගේ අමරකීර්ති ගේ නවතම කෙටිකතා සංග්‍රහය “ගෙදරවට සිතියම” කියවා හමාර කලෙමි. සිහින අහසක කතාවක්, සිංදු කෑලි, පෙම් කතාවක අතරමැද, අසිරිමත් මිනිසෙකුගේ වීර චාරිකාව, ගෙදරවට සිතියම, බොරු කරපු දෙන්නෙක්, කිරි කජු සහ අගාධය හරහා තුනී දැල කෙටිකතා අටක් අන්තර්ගතවී ඇති පිටු 184 කින් සමන්විත පොතකි. මෙහි ගැබ්ව ඇති කෙටිකතා සියල්ලම මගේ සිත් ගත්තේය. මා මීට කලින් අමරකීර්ති ගේ “රතු ඉරි අඳින අත” නවකතාව ගැන ” විදග්ධ ව්‍යාජත්වයේ පාතාල ස්වරුපය රතු ඉරි අඳින අත” නමින් දීර්ග විචාරයක් ලියු අතර එය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය. මේ කෙටි කතා සංග්‍රහය ගැනද “පස්චාත් සංස්කෘතික ගෙදරවට සිතියම” නමින් විචාරයක් ලියන්නට පටන් ගත්තෙමි. මීට කලින් අමරකීර්තිගේ “අළු පැහැති ආරංචි” කෙටි කතා සංග්‍රහය ද මගේ සිත් ගත්තේය. ඔහු අල්ලන සමාජ නාඩිය හරිම දේශපාලනිකයි වගේම, නූතන මිනිසාගේ සමාජ භාවිතයේ ඇති අවිඥානික ස්වරුපය කුමක්ද යන වග ඔහුගේ කතා කලාව හරහා කදිමට ප්‍රකාශමාන කරයි. ගෙදරවට සිතියම කතා සංග්‍රහය ද “පස්චාත් සංස්කෘතික මිනිසාගේ අවිඥානය” ගැන කියවෙන කතා එකතුවකි. ගෙදරවට සිතියම ගැන “පස්චාත් සංස්කෘතික ගෙදරවට සිතියම” නමින් මගේ දීර්ග විචාරයක් ළඟදීම බලාපොරොත්තු වන්න.

-සාලිය ඉඳුරුවිතාන

Leave A Reply

Your email address will not be published.

three × one =