ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය

මහින්දානන්ද අලුත්ගමගේ විසින්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය දක්වමින් තරුණයින් පිරිසක් සංගක්කාර ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා අතර තුර කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (02) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ.

‘සංගා – මහේල දං ගොඩියට’ සහ ‘ක්‍රීඩක දඩයම වහා නවතනු’ ලෙස විරෝධතා පුවරුව ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධතාව දැක්වූහ. මෙම චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට හිටපු ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා, උපුල් තරංග සහ කුමාර් සංගක්කාර තිදෙනාම ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ සාක්‍ෂි ලබා දී තිබෙන අතර මහේල ජයවර්ධන හෙට දින කැඳවීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

13 − six =