“තිලංගලා ගහපු ක්‍රිකට් සහ සංගලා”

 

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසු පරිදි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට කළ චෝදනාව සම්බන්ධයෙන් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර පැය 9ක පමණ කාලයක් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (02) සාක්‍ෂි ලබාදී තිබේ.

එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර හොබවන සංගක්කාර අද (02) පෙරවරු 9.00 ට පමණ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර පස්වරු 6.20 ට පමණ වන තුරු ප්‍රකාශයක් ගෙන ඇත.

මේ සිදුවීම පිළිබඳව හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සිය facebook ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසයි.

“තිලංගලා ගහපු ක්‍රිකට් සහ සංගලා”

“දැන් සංගක්කාර අල්ලගෙන තඩිබාන්න පටන් ගෙන තියනවා.

මම ක්‍රිකට් ක්‍රීඩාවෙ දූෂිතම ගණුදෙනු පිළිබඳව කෝප් කමිටුවෙ විභාග කලා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබදව මුදල් වංචා කිරීම් ගැන විශේෂ වෝහාරික විගණන( Forensic audit) වාර්තාවකුත් සකස් කලා.

තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති හැටියට කෝප් කමිටුව හමුවට කැදවල ප්‍රශ්න කරන කොටත් එයා පාර්ලිමේන්තුවෙ නියෝජ්‍ය කථානායක.

එදා මම ප්‍රසිද්ධියෙ කිව්වා ලොක්කො ගහල නැත්තෙ ක්‍රිකට් විතරයි කියල.

.ක්‍රිකට් රැකුනෙ සංගල වැනි ක්‍රීඩකයො නිසා මිසක ක්‍රිකට් වලින් හොරා කාපු දේශපාලකයො නිසා නෙවෙයි කියල මම අදත් කියනවා
.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ හොරකම් කරල කෝප් කමිටුවටම චූදිතයෙක් වුනු තිලංගව කෝප් කමිටුවෙම සාමාජිකයෙක් කරලා පත් කරපු ආණ්ඩුවක් මේක.

ඒක නිසා සංගා වෙනුවෙන් කවදාවත් ආණ්ඩුව පෙනි ඉන්නෙ නෑ.
ඒක ක්‍රිකට් වලට ආදරය කරන මිනිස්සුන්ගෙ වැඩක්.” යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.

11 + eleven =