පොලීසියේ තවත් 12 ක් අත්අඩංගුවට

පසුගිය දා ආන්දෝලනයට පත් කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම්වලින් ලබාගත් හෙරොයින් කූට ලෙස විකිණූ බව කියන සිද්ධියට අදාළව එම කාර්යංශයේ තවත් පොලිස් නිලධාරීන් 12දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(02) අත්අඩංගුවට ගත්තේය.

පසුගියදා මෙම සිද්ධියේ දී අත්අඩංගුවට ගත් හතරදෙනාට අමතරව මෙම 12දෙනා අතර, පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු සඳහන් කරයි.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පිරිසට, පොලිස් නිලධාරීන් 16දෙනෙක් සහ එක් සිවිල් පුද්ගලයෙක් ඇතුළත් වෙති.

Leave A Reply

Your email address will not be published.

five + sixteen =