‘ඇය’ යන්න කළින් … ‘ඈ’ යන්න ගිහින්

එයා (මගේ දුව) ගොඩක් ආදරය කරපු කිහිප දෙනා අතරින් කෙනෙක් තමයි සිබිල් ආච්චි … එයා පොත් කියවන්න ඇබ්බැහි වුණේ සිබිල් ආච්චිගෙ පොත් වලින්. එයාගේ ආසම පොත උඩ ගිය බබා. ඒ පොත එයාට තෑගි දුන්නු මාමාත් ගිය අවුරුද්දේ අපෙන් සමුගෙන ගියා. (දයා ද අල්විස් මහත්මියගේ පුතා, පුෂ්ප තරංග රණතුංග.)

එයාට සිබිල් ආච්චි බලන්න යන්න ලොකු උවමනාවක් තිබුණා. ඒ එයා ලියමින් ඉන්න පොත් දෙකේ වැඩ ළඟදිම අවසන් කරපු ගමන්, ඒවත් අරගෙනම. ඒ හින්ද ඊයේ උදේ අහන්න ලැබුණ අසුබ ආරංචිය මට කෙලින්ම එයාගෙ මූණ බලාගෙන කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔෆිස් එකට ගිහින් පැය දෙක තුනකට පස්සෙ කෝල් කරල තමයි මම ඒක කිව්වෙ. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ සමුගැනීම පෞද්ගලික වේදනාවක් වුණේ ඒ නිසා.
-කාංචනා වීරසිංහ

Leave A Reply

Your email address will not be published.

10 + 10 =