සාක්ෂි ලබාගැනීමට සංගක්කාර හෙට කැඳවයි
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීමට එදා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හෙට (02) කැඳවීමට නියමිතය.
සංගක්කාර හෙට පෙරවරු 9.00 ට කැඳවීම සඳහා මේ වන විට ලිපිය සකස් කරමින් සිටින බව වාර්තාවේ.
එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංගගෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (01 වැනිදා) පෙරවරුවේ පැය තුනක් ප්‍රකාශයක් ලබාගෙන ඇත.