දරුවන් දරුවන් ලෙස දුටු සිබිල් නැන්දා සමුගනියි

කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ(සිබිල් නැන්දා) අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට 93 වන වියේ පසු විය.
ඊයේ (30) රාත්‍රී 11ට පමණ අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් පවසයි.

තුළින් දැයේ දරුවන්ගේ ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ නොහොත් “සිබිල් නැන්දා“ දරුවන්ගේ මනස සේම කුසලතා වර්ධනයට කළ සේවය ද අපමණය.

ඇයටම ආවේණික චිත්‍ර සහ කතන්දර ශෛලියයක් වූ අතර දරුවන් දරුවන් ලෙස දුටු ඇය හැමෝටම “සිබිල් නැන්දා“ විය. 1982 වර්ෂයේ ජපානයේ පැවැත්වුණු පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරගයක ඇගේ ප්‍රසිද්දම ළමා කතාව වන ‘කුඩ හොරා’ ළමා කතාවට සිබිල් නැන්දාට ලෝකයෙන්ම තෙවෙනි ස්ථානය දිනාගැනීමට හැකි විය.

1987 දි ජපානයේ පළවුණු ජනප්‍රියම විදෙස් ළමා කතාව වන්නේත් “කුඩ හොරා” කතාවය. එතැන් සිට ඇය ජපානය තුළ අයගේ චිත්‍ර සහ ළමා කතා ජනප්‍රිය විය. ජපන් බසින් ඇයගේ කතා පොත් ගණනාවක් පළ වී ඇත. පසුගිය වසර දක්වාම ඇය ජපානයේ ආයතනයකට පොත් ලියා චිත්‍ර ඇඳ ප්‍රකාශය කිරීමට කටයුතු කළේය.

එසේම නෝර්වේ, ඩෙන්මාර්කය, ‌අමෙරිකා එක්සත් ජනපදය, කොරියාව වගේ රටවල් 12ක භාෂාවන්ට මෙම කෘතිය පරිවර්තනය විය.

ලොව වැඩිම අවසානය සහිත ළමා කෘතිය රචනා කර සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක් වී තිබුනේද ඇයගේ අනූව වැනි වියත් පසුකිරීමෙන් පසුවය.

ගාලූ පුරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ පළමුව අධ්‍යාපනය ලැබුවේ ගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. දෙවනුව බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. එච්. ඩී. සුගතපාල මහතාගේ “නවමඟ” පස්‌ වන ප්‍රමාණයේ කියෑවීම් පොතට සිබිල් වයස අවුරුදු පහළොවේදී චිත්‍ර ඉදිරිපත් කළාය. වයස අවුරුදු දහනවයේදී චිත්‍ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිස එදා මෙදා තුර වසර ගණනාවක් ළමයින් උදෙසා චිත්‍ර කතා නිර්මාණය කළේය. එහිදී ඈ විසින් නිර්මාණය කරනු ලැබ ඇති සිංහල, ඉංග්‍රීසි ග්‍රන්ථ සංඛ්‍යාව දෙසීයපනහකට වැඩිය.

ඡායාරුප- රවින්ද්‍ර පුෂ්පකුමාර

Leave A Reply

Your email address will not be published.

nineteen + 2 =