‘චේ’ උපන් නිවස විකිණීමට ඇතත් මිල ගණන් දැන ගැනීමට නැහැ

අර්නස්ටෝ චේ ගෙවාරා ජන්මලාභය ලද නිවස විකිණීමට ඇති බව ප්‍රසිද්ධියට පත්කරනු ලැබ ඇති අතර
චේ’ උපත ලද නිවස පිහිටා ඇත්තේ ආර්ජන්ටිනාවේ ‘රොසාරියෝ’ (Rosario) නඟරය තුළ ය.

මෙම නිවසෙහි වර්තමාන අයිතිකරු ආර්ජන්ටිනා ජාතික ව්‍යාපාරිකයෙකු වන ෆ්‍රැන්සිස්කෝ ෆරුගියා (Francisco Farruggia) ය. ඔහු 2002 වසරේදී මෙම නිවාස මිලට ගෙන ඇත. මෙම නිවාස සම්භාව්‍ය ගෘහනිර්මාණ ශිල්පය අනුව ඉදිකරන ලද තට්ටු නිවාසයකට ඇතුළත් කොටසකි

ෆ්‍රැන්සිස්කෝ පවසන්නේ තමා මෙය මිලට ගත්තේ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට වූවත් ඔහුගේ එම අරමුණ කිසිදාක ක්‍රියාවට නංවනු නොලැබීය.

ෆ්‍රැන්සිස්කෝ මෙම නිවස වෙනුවෙන් අපේක්ෂා කරන මුදල් ලන්සුව කුමක්ද යන්න ප්‍රකාශ කොට නැත.

‘රොසාරියෝ’ නගරයේ ‘Urquiza’ සහ ‘Entre Río’ යන මාවත් දෙක අතර පිහිටි එම ගොඩනැගිල්ල වසර ගණනාවක් තිස්සේ බොහෝ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වේ.

‘චේ’ 1928 වසරේ උපත ලබා ඇත්තේ ආර්ජන්ටිනා මධ්‍යම පන්තික පවුලක දරුවකු ලෙසය.එහෙත් දකුණු ඇමෙරිකාව පුරා පැතිර තිබූ දුප්පත්කම සහ මහජනයා පීඩා විඳි කුසගින්න දැකීමෙන් ‘චේ’ සටන්කාමියකු බවට පත් විණි.

අනතුරුව ඔහු 1953-59 කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝට එකතුව එවක කියුබාව පාලනය කළ ‘ෆුල්ජෙන්සියෝ බැටිස්ටා’ගේ ආණ්ඩුව පෙරළා දැමීමේ අරගලයට ඉතාම තීරණාත්මක දායකත්වයක් සපයන ලදී.

පසුව ඔහු ජනාධිපති ‘රෙනේ බරියෙන්ටෝස් ඔර්ටුනෝ’ගේ පාලනයට එරෙහිව සටන් වදිමින් සිටි බොලීවියානු විප්ලවීය හමුදාවන්ට නායකත්වය දීම සඳහා කියුබාවේ සිට බොලීවියාව කරා ගියේය.

ඇමෙරිකානු හමුදාවන්හි ආධාරය ඇතිව කටයුතු කළ බොලීවියානු ආණ්ඩුවේ හමුදා විසින් ”චේ” මෙන්ම ඔහු සමඟ සිටි සටන්කාමීන් අල්ලා ගන්නා ලදුව 1967 ඔක්තෝබර් මාසයේ 09 දා ‘ලා හිගේරා’ (La Higuera) නම් ගම්මානයේ මරා දමනු ලැබීය. දේහය රහසිගත ස්ථානයක වළ දමා තිබු නමුත් 1997 වසරේ ‘චේ’ ගේ දේහය ගොඩගෙන කියුබාවට රැගෙනවිත් යළි එහි මිහිදන් කළේය.

විසිවෙනි ශතවර්ෂයේ ලෝක වාමාංශික විප්ලවීය ව්‍යාපාරයේ සංකේතය බවට පත්වූ අර්නස්ටෝ චේ ගෙවාරා අද ද ‘අධිෂ්ඨානයේ සහ ආත්ම පරිත්‍යාගයේ’ මාහැඟි පරමාදර්ශය වේ.

මුලාශ්‍ර bbc

Leave A Reply

Your email address will not be published.

sixteen − twelve =