Tiktok ඇතුළු මෘදුකාංග 59 ක් ඉන්දියාවේ තහනම් කරයි

චීනය විසින් නිපදවන ලද ඇප් මෘදුකාංග 59ක් එනම් ටික්ටොක්, වී චැට් ඇතුලු මෘදුකාංග 59ක් ඉන්දියාව විසින් තහනම් කර තිබේ.

පවතින තත්වයන් මත තම රටේ ආරක්ෂාවට මෙන්ම සිය ස්වෛරීභාවයට හා අඛණ්ඩතාවයට තර්ජනයක් යැයි නිවේදනයක් නිකුත්කරමින් ඉන්දියාව ප්‍රකාශ කර ඇත.

ඊයේ වන විට මෙම පියවර වාර්තා වන්නේ දෙරට අතර ලඩාක් දේශසීමාවේ තත්ත්වය උණුසුම් වීමත් සමගය.

ඉන්දියාව තුල පරිශීලකයන්ගේ දත්ත සොරාගෙන අනිසි ලෙස භාවිත කරන ඇප් මෘදුකාංග සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් පැමිණිලි ලැබීමත් සමග මෙම මෘදුකාංග 59 තහනම් කරන බව ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

චීනයේ නිෂ්පාදිත Tiktok හි විශාලතම විදෙස් වෙළඳපොල වන්නේ ඉන්දියාව වන අතර, එරට මිලියන 120ක් පමණ Tiktok භාවිතා කරයි.
මේ අතර අද(30) දින ඉන්දීය අගමැතිවරයා ජාතිය අමතමින් විශේෂ කාරනා කිහිපයක් හෙළිකිරීමට නියමිත බව ද ඊයේ දින ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එහිදී මෙම මෘදුකාංග 59 තහනම් කිරීම පිළිබඳව කරුණු අනාවරණය කිරීමට ද සුදානම් වන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Leave A Reply

Your email address will not be published.

13 + 7 =