ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

 

ඉරානයේ හිටපු ප්‍රබලම ජෙනරාල්වරයකු වූ කසීම් සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගන්නැයි ඉරානයේ අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර ඇත.

ඩ්‍රෝන යානා යොදාගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය ජනවාරි මාසයේ එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විය.

ඒ අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ තවත් 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නැයි ඉරානයේ අධිකරණයක් මෙලෙස නියෝග කරනු ලැබ ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) සහාය ද ඉල්ලා ඇත.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට පැමිණි අවස්ථාවක ඉරාන ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්විය.

විනිසුරු අලී අල්කසිමෙහ්ර් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව වුවද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව පැවැසීය.

ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය මේ සම්බන්ධයෙන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නැත.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කරන්නැයි ද ඉරානය, ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලා ඇත.

Leave A Reply

Your email address will not be published.

17 − one =