මහඉඳුරුවේ විහාරාධිපති හිමි ඝාතනය කරයි

කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේ විහාරස්ථානයක් තුලදී එහි විහාරාධිපති 73 හැවිරිදි හිමියන් ඝාතනය කර ඇති බව කොස්ගොඩ පොලිසිය පවසයි.

ගල්කන්ද ශ්‍රී විජය ධම්මානන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කළ 73 හැවිරිදි හිමි මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති විහාරාධිපති හිමියන්ගේ දේහය දෙපා ගැටගසා විහාරස්ථානයේ ආවාසගෙහි තිබූ බවද සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බවද පොලිසිය සඳහන් කළේය.


 

Leave A Reply

Your email address will not be published.

10 − two =