MCC පැමිණීමට පෙර නකල්ස් විනාශය අරඹයි

මහජනයාගෙන් ඈත් වී තිබීම හේතුවෙන් ආරක්ෂා වී ඇති, ලෝක උරුම රක්ෂිතයක් වන නකල්ස් වනාන්තරයේ වනාන්තරය මැද ප්‍රදේශවල පිහිටා ඇති සුන්දර ස්ථාන සහ දියඇළි දෙස් විදෙස් සංචාරකයන්ට මුදල් අයකර නැරඹුම් ස්ථාන කිරිමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවීම සම්බන්ධයෙන් පරිසර සංවිධාන දැඩි විරෝධය එල්ල කර තිබේ.

තවමත් අපවිත්‍ර නොවූ දූවිලි ඇල්ල, සේර ඇල්ල, බඹරකිරි ඇල්ල,කලුවා පැණි ඇල්ල, වැද්දාපැනි ඇල්ල, සාරි ඇල්ල, රත්නඇල්ල, යන ස්ථාන මෙලෙස සංචාරකයන්ට විවෘත කිරිමට අවධානය යොමුකර තිබේ. මේ වන විටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් දුම්බර අඩවියේ අලංකාර මෙම ස්ථාන පිලිබඳ අවදානය යොමු කර ඇත.

ඉතිහාසය පුරාවට ජනතාව ගැවසීමෙන් තොරව පැවති මෙම පරිසරය පද්දතිය ආරක්ෂා වෙමින්, නකල්ස් කඳු මුදුනෙන් ආරම්භ වන දියඇළි පහළට ගලා එමින් රජරට ප්‍රදේශය පෝෂණය කිරිමට මහඟු දායකත්වයක් ලබා දුන්නා සේම දෙමින් තිබේ.

දෙස් විදෙස් සංචාරකයන් හට ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඔවුන්ට නැරඹුම් මධ්‍යස්ථාන කිරීමට අවශ්‍ය යෝජනාවලිය යවා තිබෙන බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණු විගස ක්‍රියාත්මක කරන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතලේ සහකාර දිසා වන නිලධාරී කමල් තෙන්නකෝන් පවසා තිබේ.
ඔවුන් පවසන්නේ එක් පුද්ගලයකුගෙන් රුපියල් 100 ක් අයකරන බවත්, ලැබෙන ආදායමෙන් 60% ක ප්‍රමාණයක් ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන සඳහා ලබා දීමට යෝජනා වී තිබෙන බවත්ය. කෙසේ නමුත් මෙම ස්ථාන නැරඹීමට අවශ්‍ය පරිසරය සූදානම් කරමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

මෙය මේ රටේ ඕනෑම අයහපත් කටයුත්තක් කරන්ඩ යාමේදී රජයක් කරනු ලබන මුලික ක්‍රමයය. එනම් පළාතේ ජනතාවගේ විරෝධය පැමිණේවි යැයි අදහසින් පළාතේ ජනතාවට හෝ පලාතට වණ වාසිය ගැන මුලින්ම ප්‍රචාරය කිරීමය. එම කටයුත්ත කිරීම සඳහා පළාතේ ජනතාවගේ අදහස් විමසීම ඊළඟ පියවර ලෙස පැමිණෙයි. එම අදහස් මෙම වැඩේ කරගැනීම සඳහා අවශ්‍ය පරිදි ලබා ගැනීම සඳහා මුදල් වලට පළාතේ මිනිසුන් ප්‍රමාණයක් ලබා ගනියි. නැතහොත් මෙම ව්‍යාපෘතියේ රැකියා කිහිපයක් ලබා දෙන පොරොන්දුව මත අවශ්‍ය කටයුතු කර ගනියි.

මෙය සනාත කරමින් මේ වන විටත් පරිසර සංවිධාන යැයි කියාගන්නා කණ්ඩායමක් මුදල් අපේක්ෂාවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ එක්ව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා කවුළු ඉදිකිරීම වැසිකිළි පද්ධති සඳහා ස්ථාන වෙන් කිරීම සංචාරකකරුවන්ගෙන් නවාතැන් සඳහා කාමර ඉදිකිරීම ආදී කටයුතු නකල්ස් රක්ෂිතයේ සිදු කෙරෙමින් පවතින බව පරිසරවේදී සජීව චාමිකර පවසයි.

නකල්ස් වැනි ලෝක උරුම ස්ථානයක ඉතා මනරම් අපිරිසිදු භාවයකින් තොරව දැඩි ආරක්ෂිත සතුන් පක්ෂීන් කෘමීන් ගහනව පවතින දුම්බර වනපෙතේ මේ ආකාරයෙන් සංචාරක කලාප බවට පත් කර මුදල් ඉපයීම අරමුණු කරගෙන සිදුකරන ක්‍රියාවලියෙන් පරිසරයට විශාල හානියක් සිදුවන බව සජීව චාමිකර කියයි.

නකල්ස් අධි රක්ෂිතයේ පතන ප්‍රදේශය මීට පෙර මුදල් මත ඇතුළු කිරීම සඳහා අවසර ලබාදී තිබෙන බවත් එහෙත් මේ වන විට පතනේ සිදුව ඇති හානිය මිල කිරීමට නොහැකි බවඔහු සඳහන් කරයි.

දුම්බර වනපෙතේ ඉතා ආරක්ෂිතව පැවති මෙම රක්ෂිත භූමි ජනතාවට නිරාවරණය කිරීමෙන් පසුව වසර ගණනාවක් ගත වෙද්දී එහි ජල උල්පත් විනාශවීම, මිනිස් මළ මුත්‍රා ජලයට එකතු වීම ආදී නොයෙක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කල්ප ගණනාවක් ආරක්ෂිතව පැවති පරිසර පද්ධතීන් විනාශ මුඛයට ඇද වැටී තිබෙන බව චාමිකර පැවසීය.

දිවයිනේ පරිසර සංවිධාන රැසක් ඒකරාශී කරගෙන මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක නිරතව මෙය නවතා දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද චාමිකර පවසයි

Leave A Reply

Your email address will not be published.

12 − 7 =